ප්‍රතිචාර 15

අතිශය මරණීය TOP 10


කාලෙකින් මොනාවත් ලියන්න බැරි උනා සයන්ස් පැත්තට  බර කරලා.. ඒ නිසා මම අද පොඩ්ඩක් අමුතු දෙයක් ගැන ලියන්න හිතුවා.. මානව ඉතිහාසයේ මිනිස්සු මරන්න වැඩියෙන් ඇරන් තියෙන සංයෝග/ මූල ද්‍රවය  10 ගැන.. හරි පටන් ගමු

_____________________________________________

10. Hemlock (හැම්ලොක්) – Conium

hemlock

Scientific name: Conium

Rank: Genus

Higher classification: Apiaceae

උග්‍ර විශ සහිත පෑලෑටියක්..  ග්‍රීසියේ  හිරකාරයන්ව මරන්න මේක යූස් කරා කියලත්  කියනවා..  හොඳින් වැඩුනු නිරෝගී පුද්ගලයෙක්ව මරණයට පත්කරන්න ග්‍රෑම් 100 විතර තමයි ඕනි..  මරණය ලඟා වෙන්නේ පැරලයිස් වීමට ආසන්න විදිහකින්..  මොලය වැඩ කලත් ශරීරය ප්‍රතිචාර දක්වන්නේ නෑ.. ක්‍රි.පු 399 දී සොක්‍රටීස්ව මරණන යොදා ගත්තෙත් මේකම තමයි

මේකේ තියේන සංයෝග තමයි

pyridine alkaloids coniine (පියරඩීන් ඇල්කලයිඩ් කෝනියන්)

N-methylconiine (එන්  මෙතිල්කෝනියන්)

conhydrine (කොන්හෙඩ්‍රීන්)

 pseudoconhydrine ( සූඩෝකොන්හෙඩ්‍රීන්)

gamma-coniceine or g-coniceïne (ගැමා -කොනිසයින්)

_____________________________________________

09.Aconite(අකොනයිට්)

aconitum

Scientific name: Aconitum

Rank: Genus

Higher classification: Ranunculaceae

මේක ගන්නේ මන්ක්ස් හුඩ් කියන ශාකයෙන්..  “the queen of poisons”, aconite,wolf’s bane, leopard’s bane, women’s bane, devil’s helmet or blue rocket වගේ නම් ගොඩක් තියෙනවා. මරණය ලඟා වෙන්නේ හුස්ම ගැනීම අපහසු වීම, හෘද ස්පන්දන්ය ඉතාම දැඩි ලෙස අක්‍රමවත් වීම කියන දේවල් නිසා.. මන්ක්ස් හුඩ්  ශාකය ස්පර්ශවීමෙන් උනත් මෙ ශරීරගතවෙන්න පුලුවන්.ශරීරයට උරාගැනීමේ වේගය ඉතාම ඉහලයි..  ක්ලෝඩියස් අධිරාජ‍ය්‍යා තමන්ගේ බිරිඳා ඇග්‍රිපිනා මරන්න යොදා ගත්තේ  මිශ්‍ර කරපු හතු පිඟානක්

_____________________________________________

08.Belladonna / Deadly Nightshade (බැලඩෝනා)

atropa_belladonna

මේක නම් පට්ට නමක් ලතින් වලින් Belladonna කියන්නේ ලස්සන ගැහැණියට..  ගැලපෙන්නම දාලා තියෙනවා නම්..  මධ‍ය්‍ය කාලීන යුරෝපයේ මේක රූපලාවන්‍ය කටුයුතු වලට ඇරන් තියෙනවා… බෙලාඩෝනා වලින හදපු අයි ඩ්‍රොප්ස් දැම්මම කාන්තාවන් හිටියට වඩා සිත් ඇදගන්නා සුලු වෙනවා කියල ඒ කාලේ විශ්වාස කරලා තියෙනවා.. දැන් මේක කියවලා ඕවා ට්‍රයි කරලා මලොත් මම නම් නෑ … බොහොමයක් වෙලාවට ඊතල වලට විස පොවන්න මේ බෙලඩෝනා යොදාගෙන තියෙන පසු කාල වලදී.. ඔගස්ටස් අධිරාජ්‍යයාගේ බිරිඳව මැරුවේ බෙලඩෝනා භාවිතා කරලා..

_____________________________________________

07. Dimethylmercury – (CH3)2Hg . (ඩයිමෙතිල්මර්කරි)

Dimethylmercury-e1354422220922
පොඩි මාත්‍රාවලදී  නම් හෙමින් මරණය අත්වෙන සංයෝගයක්.. සුලු කියන්නේ 0.1  ප්‍රමානවත් බලපෑමක් ඇතිවෙන්න.. සතිගානකින් හෝ මාස ගානකින් වෙන්න පුලුවන් ඉෆෙක්ට් එකක් එන්නේ..1996 දී  එහෙම සිදුවීමත් වාර්තා වෙලා තියෙනවා කියලා ගූගල් දෙයියා කිව්වා..මේක බලපෑම් කරන්නේ ස්නායුපද්ධතියට.. (neurotoxins). මාත්‍රාව වැඩි වෙන තරමට මරණය ඉක්මන්

” 1996, a chemistry professor at Dartmouth College,Karen Wetterhahn  spilled a drop or two of the poison on her gloved hand – dimethylmercury went through the latex glove, symptoms appeared four months later and ten months later, she died.”

_____________________________________________

06.Tetrodotoxin – C11H17N3O8 (ටෙරාඩෝටොක්සින්)

Tetrodotoxin-2D-skeletal

මේ සංයෝගය  blue-ringed octopus , puffer fish කියන මුහුදු ජීවීන්ගෙන හොයාගන්න පුලුවන්.

blue-ringed octopus කෙනෙක්ට මිනිත්තුවක් ඇතුලත් වැඩුනු මිනිහෙක්ව මරණයට පත කරන්න පුලුවන්..  මරණය කෙසේ වෙතත් blue-ringed octopusගේ හපාකෑම නම් වේදනා රහිතයි.. එ නිසා විෂ ශරීර ගත වුන පුද්ගලයා දන්නේ නෑ පැරලයිස් වෙනකම්ම තමන්  ගේ සපාකෑමකට ලක්වුනා කියලා..

_____________________________________________

05.Polonium

SONY DSC

පොලෝනියම් ගැන නම් නොදන්න කෙනෙක් නෑනේ.. විකිරණශීලී මූල ද්‍රව්‍යක්..  ක්ශනික මරණයක් අත්වෙන්නේ නෑ.. මාස ගානක් ගතවෙන්න පුලුවන්.. ස්කන්ධය අනුව සලකව්වොත් පොලොනියම් සයනයිඩ් වගේ 250,000 වතාවක් විශ සහිතයි.. පොලෝනියම් ග්‍රෑම් එකකට මාසයක් ඈතුලත් දහස්ගානක් මරන්න පුලුවන්.රුසියන් ඔත්තුකාරයෙක්  ලෙසට හිටපු ඇලෙක්සැනඩර් ලිටිවැන්කෝ  මැරුනේ  පොලොනියම් ශරීරගත්වීම නිසා..  lethal dose (0.089 micrograms) එකට වඩා 200 ගුනයක් පමණ පොලෝනියම් ශරීර ගත වීමෙන් තමයි ඔහු මරණයට පත්වුනේ..  ඒකටත් සති 3ක් ගතවුනා .

_____________________________________________

04.රසදිය-  Hg (Mercury)

Mercuric metal

ආකාර 3ක් තියෙනවා ඉතාම අනතුරුදායක.. සංශුද්ධ රසදිය අර උෂ්ණත්වමාන වල තියන එක. අකාබනික ආකාරය බැටරි වල තියෙන එක. කාබනික ආකාරය ටූනා මාලුනගේ අඩංගු වන ආකාරය.. ආශ්වාස කිරීම තමා දරුනුම ඉෆෙකට් එක දෙන්නේ.. ස්පර්ශකිරීම මරනීය නෑ.. මේකෙනුත් මරනය අත්වෙන්නේ ක්‍රමිකව.. මොසාට්ව මියගිගේ රසදිය දිර්ඝ කාලයක් තිස්සේ ශරීර ගතවීම නිසා

_____________________________________________

03.සයනයිඩ්  CN-  (Cyanide)

Cyanide-e1354422204597

සයනයිඩ්.. ඉතාම ප්‍රසිද්ද විෂක්.. බොහෝවිත් ඔත්තුකාරයන් යොදාගන්නවා විරුද්ධ පාර්ශවයට අහුවුනොත් සියදිවි නසා ගන්න.. මේක බහුලව හමුවෙන  සංයෝගයක්..ඇපල් ඇට, දුම්කොල වගේ ගොඩක් දේවල් වල මේක අඩංගුයි..  මිලිග්‍රෑම් 1.5 වඩා ශරීරගතවීම මරණීයයි.. මරණයට විනාඩි 1 -15 අතර කාලයක් ගතවෙන්න පුලුවන්.. ඒකට මාත්‍රාව බලපානවා.. නාසි හමුදාව යුදෙව්වන්ව මරන්න යොදාගත්තේ හයිඩ්‍රජන් සයනයිඩ් කියන වායුමය සංයෝගය

_____________________________________________

02.Botulinum Toxin

images

මේක ප්‍රෝටීනයක්.. ශර්ලොක් හෝම්ස් බැලුව නම් මේක අහලා   bacterium Clostridium botulinumකියන බැක්ටීරියාව තමයි නිශ්පාදනය කරන්නේ.. ඇතිමිනිහෙක්ව මරන්න නම් ඔහුගේ බර අනුව කිලෝග්‍රෑමයට නෑනෝ ග්‍රෑම් 2ක් ප්‍රමානවත්.. මස්පිඩු අක්‍රියවීම   අංශභාගය තුලින මරණය අතවෙනවා

_____________________________________________

01. ආසනික්. (Arsenic)

arsenic

ආසනික් “The King of Poisons”..මේක ලෝහයක්..  ජලය ආහාර වගේ ඕනම දෙයක් ඔස්සේ ශරීරගතවෙන්න පුලුවන්.. නිහඬ මාරයෙක්.. නැපොලියන් බොනපාට්, තුන් වෙනි ජෝර්ජ් මියගියේ ආසනික් විෂ වීමෙන්

ප්‍රතිචාර 5

අයියෝ සල්ලි


1413960673_1365300329

ජීවිතේ කියන්නේ එනජින් එකක්.. නිකමට හිතමුකෝ මේක බයිසිකල් එන්ජිමක් කියලා.. කොහොම හරි මේ බයිසිකලේ දුවන්න පෙට්‍රල් ඕනි.. ඒ වගේ තමයි ජීවිතේටත් ජීවිතේටත් මොකක් හරි ඉන්දනයක් ඕනී… මට දැනෙන හැටියට නම් ජීවීතේ ඉන්ධනය තමයි සල්ලි..

දැන් ඉතින් කට්ටිය කියාවී ඒක එහෙම නෙවෙයි කියලා.. එහෙමනම් මට කියන්න තියෙන්නේ ජීවිතේ ඉන්ධනය විදිහට වෙන හොඳ ගැලපෙන මොනා හරි කියන්න කියලා… සල්ලි කියන්නේ ජීවිතේ නෙවෙයි වගේ පෙට්‍රල් කියන්නේ එන්ජිම නෙවෙයි..

හැබැයි පෙට්‍රල් නැතුව එන්ජිමකින් වැඩක් නෑ.. සමහර එන්ජින් ලීටරේට කිලෝමීටර් 80 විතර දුවනවා.. සමහර එන්ජින් නම් කිලෝමීටර් 10 -15 තමා.. ඒක ඉතින් තමන්ට තියන විදිහට තමා..

වැඩියෙන් පෙට්‍රල් තියෙනම් ඕනි දිහාවක යන්න පුලුවන් එන්ජිම මොකක් උනත්.. එහෙම නැත්තම් ඉතින් පොඩ්ඩක් හන්දියට ගිහින් එන්න පුලුවන් තමන්ට තියෙන විදිහට..

පෙට්‍රල් නැතුව එන්ජිමක පවතින්න බැරිද..? අපෝ පුලුවන් හැබැයි එන්ජිම් ස්ටාට් වෙන්නේ නෑ.. ඔන්න පලවෙනි වතාවට පෙට්‍රල් නැතිඋනා කියමූ.. පහුවෙනිදා කික් කලොත් ජිකි ජිකි ගාලා ටෝන් එකක් ඇවිත් යන්තමට ස්ටාර්ට් වෙලා නතරවෙයි..

ඔහොම් සති දෙකක් විතර තිබ්බා කියමුකෝ.. ඔන්න එතකොට නම් ස්ටාර්ට වෙන්නේ නෑ.. ඕනිනම් පීක් පීක් කියලා හෝන් එක ගහන්න පුලුවන්.. මාස දෙකක් විතර තිබ්බ ගමන් එනජින දිරන්නත් පටන් ගන්නවා.. අවුරුද්දක් විතර තිබ්බට පස්සේ එක තවදුරටක් එන්ජිනක් නෙවේ…

ඕකයි ඇත්ත.. මේ කාලේ ජීවිතේ සියල්ල ඩිපෙනඩ් වෙන්නේ සල්ලි මත.. සල්ලි නැතුව කර්න්න පුලුවන් එකම එක දෙයක් කියන්න බලන්න… කිසිම දෙයක් නෑ.. ජීවත් වෙනවා කියලා දැනෙන්න ජීවත් වෙන්න නම් සල්ලි ඕනිමයි.. සල්ලි කියන්නේ වටිනාකමේ මිනුම් ඒකකය.. හැබැයි පෙට්‍රල් කියන්නේ එන්ජිම නෙවෙයි

 

පසු සටහන..කාලෙකට පස්සේ ලිව්වේ.. මාව දැන් අමතකද දන්නෙත් නෑ

ප්‍රතිචාර 2

___ 90% ස්ටේටස් කවිය___


___ 90% ස්ටේටස් කවිය___

රෝස මලේ නටුවෙ කටු
රන්වන් පාටයි සමනලයා
ඔය නාමල නෙලාගෙන ඇවිත්
කටු නිසා රෝස මලට ලං නොවී ඉන්න
සමනලයට දෙන්න පැනි බොන්න

(හා දැන් මට ලයික් කරලා මාව ශෙයා කරන්න)

එක් ප්‍රතිචාරයක්

කෙල්ලෙක් ටෝක් කිරිමේ විමුක්තිගේ නියම


550px-5630-1

කොල්ලෙක්ට කෙල්ලෙක් ටෝක් කිරිමේ ආසාව පිටට නොපෙන්වූවද අන්නතය දක්වා දිගු වන අතර කෙල්ලෙක් ටෝක් වීමේ සම්භාවිතාව කෙල්ලව රීඩ් කර ගැනීමට ඇති හැකියාවට අනුලෝමව සමානුපාතික වේ….

ප්‍රයෝරිටි ලිස්ට් එකක් සාදා කෙල්ලන් ටෝක් කිරීමට කොල්ලාට ඇති හැකියාව එක කෙල්ලෙක් බැ කියූවිට දැනෙන දුකට ප්‍රතිලෝමව සමානු පාතික වේ

කෙල්ලව ටෝක් වීමේ සම්භාවිතාව කෙල්ලට යවන මැසේජ් ගානට අනුලෝමව සමානුපාතික වන අත එය පොකට් එකේ මනි වලට ප්‍රතිලෝමව සමානුපාතික වේ

එක් ප්‍රතිචාරයක්

මරන්න බැරිනම් මැරෙන්න (Do Or Die)


1

පරන කතාවක් ආයෙත් දිග්ගස්සන එකේ තේරුම නම් මම දන්නේ නෑ.. එත් මට මේක ලියන්නම හිතුනා… කතාව මතක නැති අය පරණ කොටස් ටිකත් ආයේ කියෙවට මගේ තරහක් නෑ ඉතින්…

පරණ කොටස් මෙතනින් බලන්න

_________________________________________________

සිහිනයක කටහඩ 9 වෙනි කොටස

_________________________________________________

 

ඉර ඇවිත් හඳට පයින් ගහපු පාරට හඳ අහලේ ඈතම කොනට විසිවෙලා ගියා.. බස්නාහිර පැත්තේ ඈතම කොනේ එල්ලිලා අනේ මට යන්න බෑ කියලා කෑ ගහන හඳ ගැන කාටවත් ගානක් තිබුනේ නැ.. හුලඟ වලාකුලත් ගුලිකරලා ඇරගෙන අමාරුවෙන් ඉන්න හඳ දිහාට විසි කලා… රෑ පුරාවට එලිය දෙන හඳට දවල් වරුවට හැමෝම නපුරු කම් කරන හැටි.. ඒ වලාකුලු කැටිය වැදිලා අමැරුවෙන් එල්ලිලා හිටපු හඳට අහසේ අග්ගිස්ස අතඇරුනා… හඳ කෑගහපු සද්දේ හෙමීට තුනි වෙලා ගියා… කාටවත්ම ගානක් නෑ ඒ ගැන….  ඉතින් අද තවත් දවසක්…

උදේ පාන්දරින්ම මම හැමදාමත් පුරුදු විදිහට එයාට good morning  මැසේජ් එකක් යැව්වා… හදවත රිප්ලයි ඉල්ලලා කෑ ගැහුවත් මං ඒක බලාපොරොත්තු වුනේ නෑ.. එයා මට රිප්ලයි එකක් එවන්නේ එහෙමත් දවසක තමයි…

දවල්ට යන්තම් මොනා හරි කෑවට පස්සේ මම තීරනය කලා අපරාධකාරයෙක් වෙන්න… මම හරි මගේ ආදරේ හරි දෙකෙන් එකක් මරලා දාන්න… ඒත් ඉස්සෙල්ලා හරියටම දැනගන්න ඕනි එයා මට යන්තමවත් ආදරේ නැද්ද කියලා….  ඉතින් මං තීරකය කලා රෑ වෙලා එයාට මැසේජ් එකක් යවන්න… පුරුදු පරිද කිසිම වැඩක් ‍නොකරපු මනෝ වලින් පිරි දවසක රාත්‍රිය උදාවුනා…

Man danne na.. oya dan wenada wage mata reply karanneth na.. man oyata maha kadayak wela.. mechchra kaleyak mma hamotama joker kenek una.. man dannawa thawath oyata on part dena eka therumak na kiyala.. ayemath ehema wene na.. gud bye…

මේ හතර වෙනි පාර එයාට බායි කියපු.. ඇත්ත මට බෑ එයාට යන්න දෙන්න.. එත් කවදා හරි දවසක එයා යන්නම යාවි.. මේක ටෙස්ට් එකක් එයා යන්තම් වත් මං ගැන කෙයා කරනවා නම් මට රිප්ලයි එකක් හරි එවාවි…

මං එක සෙන්ඩ් කලා… විනාඩි දෙකකට විතර පස්සේ  delivery report එකත් ආවා…පැයක් ගිගා දෙකක් ගියා.. නෑ කිසිම කතාවක්… මිස් කෝල් එකක්වත්….සමහරවිට එයා නිදි ඇති…. උදේටවත් බලමු……….

 *         *          *          *          *          *          *          *          *          *          *          *

පහුවදා උදේ….. කවදාවත්ම නොඑන රිප්ලයි එකක් වෙනුවෙන් මම බලන් හිටියා.. දවල් වුනා හවස් වුනා රූ වුනා… ඒත් කිසිම සද්දයක් නෑ…. එයාට ගානක් නෑ මං ගැන.. ඉතින් එහෙනම් පිලිගන්න වෙනවා… කොයිතරම් ඒක තේරිලා තිබුනත් මම නිදාගන්න කලිනුත් පැයක් විතර ෆෝන් එක දිහා බලන් හිටියා…. එත් ඉතින් කිසිම දෙයක් නෑ…

ඉතින් මං දැන් තීරනේ කරා මැරෙන්න.. ඔව් මැරෙන්න ඒත් එක පාරකුත් ට්‍රයි කලා මට බැරිවුනා….  හෙට උදේ වෙනකොට මැරිලා හිටපන් කියලා හිතාගෙන මම නිදාගත්තා… ඒත ඉතින් හිතන දේවල්ම වෙනවා තම් මොනා කරන්න බැරිද..???

ඇත්තටම ඇයි මේ එයා මට ආදරේ නෑ නෑ නෑමයි කියලා දිව්රද්දී මම මේ තරම් හිඟාකන්නේ… මටත් මැරෙන්න බැරි එකේ මං තීරනය කලා ආදරේ මරලා දාන්න.. එතක් ලේසි නෑ… ඇත්තටම් මේ දෙකෙන් එකක් මරලා දාන්න පුලුවන් වුනා නම් කොයි තරම් හොඳද..

හරි ආදරෙද..? නැත්තම් මමද..?? කාවද මරලා දාන්නේ.. කොහෙ‍ාමද තෝරගන්නේ…

මං කල්පනා කලා…

හ්ම්…..

කොහොසද මේක කරන්නේ…..

……

….

..

.

හගේම හදවත ගැහෙන සද්දේ ඇහෙන තරමට ‍ලෝකේ නිහඩයි….

කල්පනා කරනවා තාමත් මම…

හ්ම්….

හරි….

සසම්භාවී පරීත්ෂනයක් මගින්…

කාසියේ වාසිය.. ටොස් එකක්

දාලා බලමු…

head  වැටුනොත් මම මැරෙනවා… tale වැටුනොත් ආදරේ මරලා දානවා.. දැන් හොයපන් කාසියක්….

අ‍නේ කාසිය මම නැතුව ආදරේ මරලා දාන්න… මං ආසයි ජීවත් වෙන්න…

මං මගේ ජීවිතේ බාර දුන්න ගුරුත්වාකර්ෂන ක්ශේත්‍රයට… භ්‍රමන චලිතයට.. අවස්ථිති ඝූර්ණයට.. නිව්ටන්නියම වලට… වායු ප්‍රතිරෝධයට… F = ma වලට…. දෙකේ කාසියකට….

ඒ කියන්නේ මගේ ආදරෙයි ජීවිතෙයි දෙකේම වටිනාකම් රැපියල් දෙකයි… එකක්ට රුපියල ගානේ…..

ඉතින් මං තිරනය කලා ඒක කරන්න ඇත්තටම…….

මරන්න හෝ මැරෙන්න….

කාසිය උඩ දාන්න… ඇත්තටම ඒක නම් මරු අදහස.. මගේම ජීවිතේට මම දෙන වටිනාකම ගැන මටම හිනා යනවා… ඇත්තටම මට ආසා හිතුනා මගේම ඇස් වල තියන්නේ කොයිවගේ හැඟීමක්ද කියලා බලන්න… ඇත්තටම කොයි වගේ හැඟීමක්ද….???

මම කන්ණාඩියක් ඉස්සරහට ගිහින් මගේම ඇස් දිහා බලන් හිටියා… දිලිසෙනවා… කදුලු වලට.. කදුලු දිලිසෙන්නේ ඇයි දන්නවද ඒ කදුලු අස්සේ ඔයා හිනාවෙවී ඉන්න නිසා… මගේ කදුලු අස්සේ  එයා හිනාවෙනවා.. ගානක් නැති හැටි එයාට මං ගැන…

හ්ම්…………………………..

හරි හරි බයිලා වඩක් නෑ… කාසිට බාරයී ජීවිතේ උඹට…. කැමති දෙයක් කරපන්….

මම ඇස් දෙකම තදට වහගෙන කාසිය ගුවන් ගත කලා…

තත්පරයක් ගියා දෙකක් ගියා තුනයි හතරයි.. කිසි සද්දයක් නෑ….

කෝ මේ කාසිය…

අඩේ ඇත්තටම කෝ….

නැතිවෙලාද…

එහෙම වෙන්න බෑ මේක පුංචි කාමරයක්….

ඉන්න තැනකින් වරෙන් එලියට…නෑ කමක් නෑ

හැංගිලා හිටපන් මමම හොයා ගන්නවා උඹව

මම අස්ථාන ගතවුනු කාසිය හොයන්න පටන් ගත්තා… කාමරේ පුරාවට… ඇද යට ඇද උඩ… මේසේ යට පොත් රාක්කේ අස්සේ… හැම මගුලකම හොව්වා… කෝ කොහෙවත් නෑනේ…. මොන ලෝකෙද තියෙන්නේ මේක… මෙහෙම වෙන්න බෑ.. මේ කාසිය මේ කාමරේ ඇතුලෙම තියෙන්න ඕනේ..

ඇයි යකෝ වැදගත් තීරනයක් ගන්න හැදුවේ ඒකට වත් ඉඩ දීපල්ලකෝ……

මම අතඇරියේ නෑ.. හෙව්වා දිගටම හෙව්වා….

එලි රෑ එලි වෙනකල් හෙව්වා… වෙලාවදොලහයි දා හතයි… මොන මගුලක්ද මේක

කොයි ලෝකේ ගිහින්ද..???

හොයලා හොයලා අන්තිමට මට ඇති වුනා

අම්මේ මැරෙන එකත් ලේසි නෑ….

මම තීරනය කලා වෙන කාසියක් හොයා ගන්න…

කෝ මගේ දුප්පත් පර්ස් එක….

ඒකේ ඇති කාසි……

තනිකම් මැකෙන්න දාලා තිබ්බ රේඩියෝ එකෙත් කාසි ගැන සින්දුවක් යනවා

“මතුදාක කාසී නිසා

 කරකාර බන්දන් ඔයා

මගේ සෙනෙහස ඔබ ඉදිරියෙ රගපා………………. ආ……ආ…………..”

පිස්සු හැදෙයි සද බැබලෙයි… මටමනේ වෙන්නේ…

පර්ස් එක මේසේ උඩ වාඩිවෙලා ඉන්නවා…

හ්ම් බලමු.. අඩුම ගා‍ෙන් සත පනහක් වත් ඇති…

අප්පට සිරි.. මෙන්න දෙදාහේ කොලයක්…..

මගේ පර්ස් එකේ…. ඒ කොහොමද..?????

හරිනේ මම තාම ක්ලාස් පීස් ගෙව්වේ නෑනේ.. මේ එකේ සල්ලි…

කෝ කාසි….

මම පර්ස් එක නිරැවත් කලා… යකෝ කෝ කාසි…

ඔන්න බලපන් ඕනේ වෙලාවට කාසියක් නෑනේ හොයාගන්න….

මම තීරනේ කලා ටවුන් එකට ගිහින් මේ දෙදාහෙන් රැපියලක් වියදම් කරලා ටොපියක් අරන් ඉතුරු සල්ලි වලට කාසියක් ඉල්ල ගන්න….

අප්පට සිරි වෙලාව 1ත් පහුවෙලා….

සී………තලයි….

කමක් නෑ.. අද යන්නම ඕනි… කොහෙම හරි..

සීතල නිසා මම හිතුවා සපත්තු දාගෙන යන්න…

මොකක්ද මේ කකුලලේ ඇනෙන්නේ සපත්තුව අස්සේ…

බම්බුව…

ඇයි යකෝ මොනා කරන්න ගියත් මොකක් හරි මගුලක් වෙනවනේ

මම කකුල ගත්තා සපත්තුවෙන් එලියට.. ඇරන් සපත්තුව අනික් පැත්ත හරවලා පොලවේ ගැහුවා…

ටලාං………………

මෙන්න අර කාසිය..

කව්ද යකෝ උඹට කිව්වේ සපත්තුවක් අස්සේ රංගන්න කියලා…

ආ එහෙනම් මොකෝ ටවුන් යන්නේ.. මේ තියෙන්නේ කාසිය..

 මම ආයෙමත්…..

මම ඇස් දෙකම තදට වහගෙන කාසිය ගුවන් ගත කලා…

තත්පරයක් ගියා දෙකක් ගියා තුනයි හතරයි…

ටිං….

ඒ පාර නම් සද්දයක් ආවා…

මම හෙමිහිට ඇස් දෙක ඇරියා…..

හෑ………………………………………………………………………

මට හුස්ම හිරවෙලා වගේ දැනුනා…

ලොකේ කැරකෙන එක නවත්තලා මං දිහා බලන් හිටියා

මම මතක් වුනේ ගොඩාක් සැර කුනු හරප ගොඩක්

මම කාසිය බාර දුන්නදේ ආයෙමත් කාසිය මට බාර දීලා….

මේක සම්පූර්නයෙන්ම නොනැඹුරු කාසියක්..

මට කියන්න පුලුවන් එච්චරයි…

කාසිය තමන්ගේ දාරයෙන් හිටගෙන හිටියා….

2

මම තීරනේ කලා තවත් පාරක් උඩ දාන්න..

නෑ එක්කෝ ඕනේ නෑ මේක මහ කරුම කාසියක්….

මම වෙන කාසයකින් මේක කරලා බලනවා…

හ්ම්….

එක්කෝ අද බෑ හෙටම බලනවා

නිදිමතයි…

මම තීරනේ කලා මැරෙන්න හෝ මරන්න කලින් තව එක පාරක් නිදා ගන්න…

අද මහ කරුම දවසක්.. අදට වඩා හෙට හොදවෙයි… අලුත් දවසක අලුත් කාසියකින් බලමු…..

ප්‍රතිචාර 2

WAITING හෙවත් මඟ බැලීම


අහසේ නෑ එකම එක වලාකුලක්වත්… එහෙම කියමකොටම කොහෙන්ද වගේ පාවෙලා ආපු වලාකුලක් මට කින්ඩියට වගේ හිනා වෙවී අහනවා… ඇත්තටම මොකක්ද මේකේ තේරුම….?????

මම දන්නේ නෑ තේරුමක්… ඇත්තටම මම මෙතුවක් කල් කරපු දේවල් වලට තිබුනද තේරුමක්…??? නෑනේ ඉතින් මොකටද බොරුවට වගේ මේකට විතරක් තේරුමක් හොයන්නේ..  මම යනවා ආයෙමත් අපි දෙන්නා ඉස්සෙල්ලම හම්බුන තැනට… ඔව්… පාර අයිනේ… අර මොකක්ද නම් නොදන්න ගහ යට…. බංකුවේ

මට හිතෙනවා මෙතෙන් කෑම්ප් එකක් වගේ එකක් ගහල මෙතනම නවතින්න… 

ඇත්තටම එහෙම පුලුවන් උනා නම්….. ඇත්තටම මම බලා පොරොත්තුවෙනවා උඹ ආයෙමත් කවදා හරි දවසක් මෙතෙන්ට එයි කියලා… ඇත්තටම මට එහෙම උඹ එනකම් බලන් ඉන්න බැරි වෙන්න හේතුවක් තියෙනවද….????අනික් අතට මට එහෙම බලන් ඉන්නත් හේතුවක් තියෙනවද..???

කොහෙමද… ඔයා වැරදීමකින් හරි ආපහු එන දවසක් මම ඔයාගේ ෆොටෝ එකකුත් අතෙ තියගෙන ඔයා එනකම් බලන් හිටියොත්..???මම දන්නේ නෑ ඔයා දැන් කොහේ ඉන්නවද කියලවත්

මම තීර්නේ කලා බලන් ඉන්න…. මේ නමක් නොදන්න ගහ යටටම වෙලා…..  කවදා හරි ඔයා එයි කියලා බලා පොරොත්තුවෙන් බලන් ඉන්න මෙතෙනටම වෙලා….. ඒක මහ පිස්සු තීරණයක්… ඒත් මම දන්නවා… කවදා හරි දවසක් උඹේ හිත වෙනස් උනොත් උඹ ඉස්සෙල්ලම එන්නේ මෙතෙන්ට තමයි කියලා… ඒ නිසාම මම කලා බලන් ඉන්න…

ඇත්තටම මම බලන් හිටියා…

පැයක්…..

දවස් ගානක් 

සතියක් විතර හෙමින් ගෙවිලා ගියා…

ඊට පස්සේ කොයි තරම් කල් ගියාද කියලා මට මතක නෑ… කාලය මට අචේතනික දෙයක් බවට පරිවර්තනය උනා….

තවත් කාලෙකට පස්සේ ඒතනින් යන මිනිස්සු මට සල්ලි දීලා යන්න පටන් ගත්තා…..

උන් දන්නවයෑ මම මේ කෙනෙක් එනකම් බලන් ඉන්නවා කියලා….

“යකුනේ…. මට කිසිදෙයක් නැතිවෙලා නෑ…. ” කියල කෑ ගහන්නත් හිතුනා මට…

උන් එහෙම හිතන එකෙත් වැරැද්දක් නෑ ඉතින්… ගෙයක් දොරක් නෑ වගේ පාර අයිනේ ඉන්නේ එහෙම උන්නේ…ඒත් මම හරි රොමැන්ටික් හිඟන්නෙක්

ඇත්ත  ඒත් මට යන්න හිතෙන්නේ නෑ 

කෙල්ලේ උඹ තවමත් ඉන්නේ හීනෙක…  උඹට කවදා හරි දවසක මම නැති පාලුව දැනෙයි.. වැරදිලා හරි එහෙම දනුනොත්….

හිතුනොත් මේකා කොහෙද ඉන්නේ කියලා බලන්න ඔනි කියලවත්….  එන්න…. මම තාම එතෙනමයි……

මට ඇහෙනවා මිනිස්සු කතා වෙවී යනවා… කෙල්ලෙක් වෙනුවෙන් බලන් ඉන්න එකෙක් ගැන….

සිරාවටම මෙහෙම ගියොත් නම් මම මාර ෆේමස් වෙයි… ලොකයේ ප්‍රසිද්දම මඟ බලා සිටින්නා…. ඒත් මොන මගුලටද මට ඒක…

සමහර විට තව ටික දවසකින් මාව නිව්ස් වලට පෙන්නයි…

එතකොට ඔයා මාව දකීවී….

දැකලා……………………………………..

“මේ අයිසේ ඔතන නිදාගන්න බෑ… ඔය මගේ තැන”

මම උඩ ගියේ කාගෙදො කෑගැහිල්ලකින්

හිඟන්නෙක්…

අම්මට හුඩු… මට අර නම් දන්නේ නැති ගහ යට බංකුව උඩ  රෑ වෙනකම් නින්ද ගිහින්නේ… ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ජිවිතයක් වෙනුවෙන්.. පුංචි දෙයක් කරමුද?


ජිවිතේ අපි හැමෝටම ලස්සන හින තියනවා….  තාවකාලික ජිවිතේ අපි කරන කියන දේවල් වලින් අන්තිමේ අපිට ඉතිරි වෙන්නේ අපි අනිත් ය වෙනුවෙන් කරන දේවල් විතරමයි…

ලැබිලා තියන ජිවිතේ අපි යහපත් දෙයක් වෙනුවෙන් එක රුපියලක් වත් වෙන් කරනවා නම් මොනවා නැතත් අපිට හිතේ සතුටින් ඒ දවසවත් ගත කරන්න පුළුවන් වෙයි..

මතකනම් බ්ලොග් ලියන කියවන ඔබට  මිට අවුරුද්දකුත් දවස් හතකට කලින් මම දැම්මා පොස්ට් එකක් ජිවිතයක් බෙරගන්න පුංචි උදව්වක්කරන්න පුලුවනිද කියලා…

අදත් ඒ වගේම කතාවක් තමා…. එත්  මේක  අපිට  ගොඩාක් සමීප  කෙනෙක් ගැන…..

අන්තර්ජාලය කියනකොට අපිට  ඉස්සර වෙලාම මතක් වෙන තැනක් වෙන්නේ මුණු පොත…. සයිබරයේ යාළුවො ගොඩක් බ්ලොග් වලින් හදන ගැන තවත් ඒ බැදීම්  තහවුරු කරන්නේ  මුණු පොත හරහා… එහෙම ඇති කරගත් ගොඩාක් මම  නතර වෙන තැනක්  තමා  මුණු  පොතේ  වයි ගෘපිය…  අහන හැම  දෙයකම  අවසානයේ ඇයි කියන  වචනේ තියෙන්න ඕන කියන එක  නීතියක් නොවුණු රීතියක් උණු මේ  ගෘපිය  ගොඩක් ප්‍රශ්න වලට විසදුමක් උනත්

අද මේ ගෘපියේ හැමෝගෙම  ප්‍රශ්නේ හසන්ගි ට මෙහෙම උනේ ඇයි  කියන එක....

කොළඹ කැම්පස් එකේ පරිගණක අංශයේ තෙවන වසරේ අද්‍යාපනය හදාරමින් සිටින විටක පුංචිම පුංචි කෙල්ලක් වගේ දගකාරකම් කරන වයි ගෘපියේ අහිංසකාවිය හසංගි..

248608_583165518375655_493509003_n

ඒත් අද එයා අසනීපෙන්. පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා.එය ඉතා ඉක්මනින්ම කලයුතු බව වෛද්‍යවරුන් පවසා ඇති අතර දැනට ගණන් බලා ඇති ආකාරයට මේ සදහා රු ලක්ෂ 10 ක් පමණ වැයවේ….

ලක්ෂ දහයක් කියන්නේ  තරමක් විශාල ගානක් නම් තමා… සාමාන්‍යන් බ්ලොග් කියවන බලන පිරිස කොහොමත් 4000ක් 5000ක් විතර ඉන්නවා කියන කතාව බ්ලොග් ප්‍රවීණයෝ කියනවා මට ඇහිලා තියනවා දැන් ඊටත් වැඩි ඇති…

කෙනෙක් රුපියල් 200ක් දෙන්න පුළුවන් උනොත්

5000 * 100 =  1000000 කියන ගාන හොයා ගන්න එක ඒ තරම් අමාරු දෙයක් වෙන්නේ නැ….
අපිටත් යමක් ඒ ජිවිතේ වෙනුවෙන් කලා කියලා අහිංසක සතුටක් විදගන්න පුලුවන් වේවි…. පොදි බැදගෙන හොයන සල්ලි අපිට නැ තමා… අපේ මහන්සියෙන් අපි හොයන කිය උනත් අපිට වටිනවා…

ඒත් අපි නිකරුනේ වැය කරන රුපියල් 100කින් 200කින් මේ නංගියාගේ ජිවිතේ බේරගන්න පුලුවන්..

මොහොතක් හිතන්න… පුලුවන්න්නම් මේ වෙනුවෙන් පහත ක්‍රමයකට දායක වෙන්න….

තව දෙයක් ගිය අවුරුද්දේ මෙහෙම දෙයක්  ගැන කියනකොට  මම  තව  පුංචි දෙයක් ඉල්ලුවා.. මේක ගැන  පුලුවනිනම් ඔයාලගේ පොස්ට් එකක් විදිහට දාන්න…

පැ.ලි  : ලංකාවේ  වෙන හැම මේ වගේ දෙයකටම අපිට උදව් කරන්න අමාරුයි තමා… එත් මේ සොහොයුරිය  අපේ  බ්ලොග් හිතවතුන් ටත් සමීප කෙනෙක්…

බ්ලොග් ලියන කියවන අය  ගේට් වලට සහබාගි උන ය මේ හිතවතාව අදුනනවා ඇති,… නමින් නිමේෂ් ගමගේ…  බ්ලොගය සිතුවිල්ලකට ඉඩක්…

මේ තරම් කතාවක්  කියපු ඒ හසංගි ඔහුගේ නැදැ සොහොයුරියක්…. වැඩි විස්තර ඔහුගේ මේ දුරකත අංක මගින් ලබා ගැනීමට හැක…

නිමේෂ් ගමගේ – 0773444819 / 0725226516

ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් පහත අයගෙන් ඒ ගැන දැන ගත හැකියි..

නිමේෂ් ගමගේ https://www.facebook.com/NimeshGamage?ref=ts&fref=ts
අසන්ත මෙන්ඩිස් https://www.facebook.com/asanthachristina
අසංක හෙන්දහේවා  https://www.facebook.com/asankahendahewa
සම්බන්ධ කරගත හැක.

මේ ඇය වෙනුවෙන් පිහිටවූ ගිණුමයි.. ඔබේ ආධාරය ඇය වෙනුවෙන් ලබා දෙන්න..

ගිණුම් අංකය – 100953703167
නම – N.R.R.Gamage
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009
  

ජීවිතයක් වෙනුවෙන් පුංචි ආයාචනාවක්……. වේලක් නොකා උන්නත් බඩේ පනුවෝ අපිත් එක්ක තරහ වෙන්නේ නැ… කරන්න පුලුවන්නම් ඇගේ ජීවිතය වෙනුවෙන් යමක්..

ඔබේ පුංචි රුපියල් 100 හෙට ඇගේ ජීවිතය ආලෝකමත් කරාවි…

ප.ප.ලි : මේක ගැන  පුලුවනිනම් ඔයාලගේ පොස්ට් එකක් විදිහට දාන්න…

%d bloggers like this: