ක්‍රිස්ටෝපර් පෝල්ගේ “හා මල් පිපෙන්නේ ගඟ ගලන්නේ” තාලයට
වැවට වෙරි…?
තාම මතකයි මට වැව..
මා එක්ක හංස බෝට්ටු පැද්ද ඈව..
දැන් හිටියට ඈ ඌ ගාව…
මම තාම බලාගෙන වැව ගාව…
හැමදාම බෝතලයක් ගත්තම
හලනවා බාගයක් මම
වැවටම
අනික් බාගේ මට
බාගෙන් වෙරි මට
වැව මම වගේම වෙරිද උඹට
කොහේ වෙරි වෙන්නද බාගෙකින් උඹට
ඈ ආපු දවසක..
ඌ එක්කහංස බෝට්ටු පදින්න වැවට..
පොවන්නම් මම උඹට..වෙරිවෙන්නම..
උඹ පෙරලපං උන් දෙන්නගේ බෝට්ටුව..
පැද්දිලා දෙපැත්තට..
ගිලපං උන් දෙන්නම්..
නෑ එක්කෝ බේරපං ඈව..
ගිලපං ඌව.. බයිට් එකට..
නෑ බේරන්න එපා ඈව..
පා කරපං ඒකිව මං ගාවට..
එතකොට ඒකිට
සමහර විට..මතක්වෙයි කෑගහන්න..
බේරගන්න කියලා ඒකිව..
එතකොට මටත් පුලුවන්
ඉස්සර මාව..
ගිලෙන්න දාලා ගියා වගේ..
ගිලෙනවා පෙනි පෙනි
ඒකිව දාලා යන්න..
මම ගියාව පස්සේ..
උඹ ඕන එකක් කරපං ඒකිට
—පිටස්තරයා—
හිස්තැනක්…….
ඊයේ කියන කරුම දවස ගෙවිලා ගිහින් තිබුනා … අද තවත් අලුත් දවසක හවසක්.. එහෙම කිව්වේ මං
ඇහැරුනේ දවල් 12.00 පහුවෙලා නිසා.. කොහොම හරි අද නම් කාසියක් හොයාගන්නවා.. ඒත් දවල් බෑ..
මං ආස නැ දවල්ට.. මං ආස රෑට.. කලුවරට.. හීතලට… අද දවල් කරන්න පුලුවන් හැමදේම කරනවා කියලා
මං හිතිගත්තා.. වැරදිලාවත් මට මැරෙන්න උනොත්..
එදා ආපු ප්‍රෙන්තෝ ඉතුරු කරලා ගිය කොටේ ඇද යට.. මල් වගයක් පොත් රාක්කේ අස්සේ..
කරුම දවස ගෙවිලා ගිහින් තිබුනා … අද තවත් අලුත් දවසක හවසක්.. එහෙම කිව්වේ මං ඇහැරුනේ දවල්
12.00 පහුවෙලා නිසා.. කොහොම හරි අද නම් කාසියක් හොයාගන්නවා.. ඒත් දවල් බෑ.. මං ආස නැ
දවල්ට.. මං ආස රෑට.. කලුවරට.. හීතලට… අද දවල් කරන්න පුලුවන් හැමදේම කරනවා කියලා මං
හිතිගත්තා.. වැරදිලාවත් මට මැරෙන්න උනොත්..
එදා ආපු ප්‍රෙන්තෝ ඉතුරු කරලා ගිය කොටේ ඇද යට.. මල් වගයක් පොත් රාක්කේ අස්සේ..
මට ඇල්කොහොල් වලින් වලින් විමුක්ති මාර්ගයක් පෑදුනොත් කියලා මම කොටේ ගහන්න ගත්තා .. මම
කිව්වේ මගේම අලුත් මාර්ගයක්.. විමුක්ති මාර්ගය පුද්ගලානුරූපව සාපේක්ෂයි කියලා අපි හිතාගමු…
ඒ ඔක්කොම කරලා අද අන්තිම දවස කියලා හිතලා කාලා බීලා නාලා ඉවර වෙලා බලනකොට වෙලාව
5.57යි.. තව ටිකකින් කලුවර වැටෙයි.. ගෙදර අය නිදාගත්තම අර 2000 මාරු කරලා කාසියක්
හොයාගන්නවා…
පැය ගානක් තියෙනවා තවත්…. ම්ම්ම්
මම පටන් ගත්තා… කලපනා කරන්න
* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
කොහොමින් හරි හැමදාමත් වගේ සංසාරේ මනින ඔරලෝසු කටු තමන්ගේ ගමන ගිහින් තිබුනා…
බිත්තියේ පැත්තට එල්ලිලා හිටපු ඔරලෝසුව මට වෙලාව කිව්වා… 10.47 යි.. එකොලහට විනාඩි 13යි…
දැන් වෙලාව හොදයි මරනීය කාසිය ඇරන් එන්න…
මං හොමිහිට ජනේලේ ඇරියා… හදෙන් ¾ කටම කවුද වග කියලා.. ඉතුරු ¼ විතරක් දුකෙන් අහසේ
කොනක තනි අතින් එල්ලිලා බලන් ඉන්නවා… මාරම සීතලයි… සෙල්සියස් 25 විතර.. පර්ස් එකේ ඇඹරෙන
දෙදාහේ කොලේ මං දිහා බලාගෙන “ අනේ මාව වියදම් කරපන්” කියලා ආයාචනාත්මක බැලුම්
හෙලනකොට ගනන් නොගෙන කොහොමද..?? මට හොදටම දුක හිතුනා ඌ ගැන… මං මේ ගමන යන්නම
ඕනි..
මම, පවුලේ අකීකරු පුත්‍රයා වුනත් කවුරුත් හිතලා නැද්ද කොහෙද මං හොරෙන් පැනලා රෑට රෑට රස්තියාදු
ගහන්න පටන් ගනියි කියලා…. ඒ නිසා මගේ කාමරේ ජනෙල් වල යකඩ කූරු නෑ.. වෙනදා නම් මං මොහෙම
යන්කොට යන්නේ තනියම නෙවේ ඒත් දැන් වැඩක් නෑ ඒවා.. එයා දැන් මුදු හතක් එහා…
මම කොහොම හරි සීතල නැතිවෙන විදිහේ කිටක් මරලා හරියට 11ට එලියට බැස්සා රස්තියාදු පාරක්
දාන්න… ටවුන් එකට ටිකක් දුරයි… ඉතින් මං ඇවිදන් ගියා හෙමින් තනියෙන්…. ¼ක හදයි දහස් ගානක
තරුවලයි එලියෙන්…
ඉදලි හිටලා ඇහෙන නින්ද යන්නේ නැති බල්ලෙක්ගේ අඩු බුරන සද්දේයි.. පාර අයින දිගටම පදුරු අස්සේ
රැහැයියෝ පෙම් කෙලින සද්දෙයි ඇරුනම වෙන සද්දයක් නෑ කිසිම… මට පිස්සුද මන්දා… ඒක මන් දන්නෑ..
මං දන්නේ මෙච්චරයි.. එක්කෝ මට පිස්සු.. මට පිස්සු නැත්තම මුලු ලොකෙටම පිස්සු.. ලෝකයක් පිස්සු
කියලා කියනවට වඩා මට පිස්සු කියලා පිලිගන්න එක ලේසිනේ… ඒ නිසා හරි මට ිපස්සු.. දැන් හරිනේ
ලෝකෙටම සන්තෝසයි… මම මනෝ පාරෙන්ම ටවුන් එක බලා ඇවිත්….
දවල් වරුවට නම් ඉතින් මෙතනින් පාර පනින්න නම් අඩුම ගානේ විනාඩි 10 වත් ඉන්න ඕනි… ඒත දැන්..
පාර මැද නිදාගෙන හිටියත් යටකරන් යන්න වාහනයක් නෑ… ඔරලෝසු කනුවේ සිය ගානක් LED රටා
හුදකලා නගරටනට වෙලාව කියනවා..මට හිතුනා ඔරලෝසු කනුව උඩට නැගලා කෑ ගහන්න… අර හින්දි
ෆිල්ම් වල වගේ..
I…… … L…O…V…E………. …YOU………………
පිස්සු ඕවත් කරන්න පුලුවන්ද..??/
ඒවාගෙන් වැඩක් නෑ.. දැන් මං හොයාගන්න ඕනි වහලා නැති කඩයක්… කාසියක් ලබාගැනිම සදහා… මම
පාර දෙපැත්ත බල බලා ඇවිදන් ගියා… හ්ම් තව දුර යන්න වෙයි…
එනපාරටම මෙන්න ඉන්නවා පාර අයියේ කෙල්ලක්… එය කිව්වේ මට පිස්සු… විකාර පේනවා…
පෙනුමට නම් ලස්සන වගේ…. නෑ මෝහිනි වෙන්න බැ.. අතේ ළමයෙකුත් නෑ.. අනිත් අතට ඇදලා
ඉන්නේත් සුදු සාරියක් නෙවේ.. ඩෙනිමක්..
මම කිසිම මත්ද්‍රවයක් භාවිතා කලේ නෑනේ.. මට නම් එහෙම මතකයක් නෑ.. එහෙමනම් මට මේ විකාර
පේන්නේ ඇයි… ඒත් කියන්න බෑ හිටපු ගමන් කිසිම හේතුවක් නැතුවත් මනෝ විකාර පේනවලු..
රෑ එකොලහ හමාරට විතර පාර අයිනේ ලස්සන පුංචි ( පුංචි කිව්වේ හුරුබුහුටි) කෙල්ලෙක්.. මං ඇස් දෙක
පිහිදාලා බැලුවා ඒ කෙල්ල අතුරුදහන් වෙලා ඇති කියලා හිතාගෙන….
අපොයි.. අතුරුදහන් වෙලා නෑ…
ඒ කියන්නේ ඇත්ත කෙල්ලක්…..
මොනා කරනවද මන්දා මේ මහ රෑ… මට හිතුනා ලගට ගිහින් කතා කරන්න.. අඩ අදුරේ නිසා මූණ පැහැදිලි
නෑ.. එත් ලස්සන ඇති.. ඇඟ නම් හැඩයි… ආදරේ හිතෙනවා… නෑ නෑ ආසා හිතෙනවා…
මං හිමිහිට ලං කරලා කතා කරන්න හැදුවා…
නංගී කියනවද..??? අක්කා කියනවද..??/ නංගි කියමු…
“ නංගි මොකෝ මේ රෑ.. තනියම….? ”
එයා නෝ කතා.. ඒත් පෑවා සිනා.. අමුතු බැල්මක් එක්ක හදවත සිතලේ හිරිවැටිලා යන විදිහේ හිනාවක් දැම්මා… එත් මං අහපු දේට උත්තරයක් නෑ.. මම
වටපිට බැලුවා… කවුරුත් නෑ… තව ටිකක් ලං වුනාට මොකද..??
ඒ කෙල්ල මං දිහා මාර බැල්මක් දැම්මා… Sexy බැල්මක්… මට යමක් හිතුනා.. ඒත් කවුද දන්නේ ඕවා..
අනික එයාගෙන් අහන්න පුලුවන්ද..?? වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්… පෙනුමෙන් නම් පොඩු
කෙල්ලක් වගේ ඒ නිසා එහෙම වෙන්න බැ… අනික් අතට එහෙම නම් මේකි පව්
” මොනාද ඔය තරමට බලන්නේ.. මං හොද නැද්ද..??”
මං කල් පනා කරලා තියෙන්නෙත් එයා දිහා බලාගෙනමයි… මං හිතපු දේ හරිද..?? .. ඔව් උපකල්පනය
සාර්ථකයි මෙයා රෑ මනමාලි කෙනෙක්..
“ නෑ.. නෑ හොද නැතුව නෙවේ ගොඩක් හොදයි..”
” එහෙමනම් මොනාද ඔය තරම් බල බලා ඉන්නේ”
ඇත්තටම ැරෙන්න ඉන්න එකේ මේකත්…..
එහෙම හිතන්නවත් උනේ නෑ.. මගේම හෘද සාක්ෂිය මට අහලාවත් නැති කුනුහරප දහස් ගානක් කියලා
බනින්න ගත්තා…
මට ආසා නොහිතුනා නෙවේ.. ඒත් ඊට වාඩා දුක හිතුනා.. පේන තරමට මේකි මගේම වයසේ වගේ පෙනුමක්
තියෙන්නේ… මම තීරනේ කලා අර පර්ස් එකේ ඇඹරි ඇඹරි හටපු දෙදාහේ කොලේ දෙන්න. නිකම්ම
පිනට…
” නංගි… ටිකක් ලගට එන්න”
එයා මට ලංවුනා… ඒ උනුසුම් හුස්ම මගේ උරහිසට දැනුනා..
” අත දෙන්න…”
ඒ අත් මාර සිනුදුයි ආසාවේ බෑ….
මම ඒ ඇස් වලට එබුනා…
” මේක තියාගන්න”
මං ඒ රුපියල් දෙදාහේ කෙලේට සුසිනිදු ස්ත්‍රී දෑතය පහස ලබලා දුන්නා…
” කලින්ම සල්ලි දෙන්නේ ඇයි..??”
එයාට ප්‍රශ්නයක් වෙන්න ඇති.. ඒත එයා එහෙම ඇහුවේ නෑ..
” යමු.. කැමති තැනකට..”
එයා හිතලා තියෙන්නේ මං එයාව සල්ලි දීලා අද රෑට කුලියට ගත්තා කියලා.. මට තියන්නේ මේකි ගෙදර
එක්කන් යන්න තමයි .. මං වෙන කොහේ එක්කරන් යන්නද මම..
” ඔයා යන්න ගෙදර..”
” එතකොට සල්ලි දුන්නේ..”
මම මොකුත්ම කිව්වේ නෑ.. ආපහු යන්න හැරුනා… අඩි දෙකක් යන්න හම්බවුනේ නැ..
” අයියා..”
හ්ම් කටහඩත් ලස්සනයි..
මම ආපහු හැරුනා.. එයා ගේ කම්මුල් වලි දිය සීරාවක් දිලිසෙන වග මම දැක්කා.. කදුලු එන්න තරම් දෙයක්
මම කලේ නෑනේ…
”මේ මහ රෑ රස්තියාදු ගහන්න එපා ගෙදර යන්න..”
මට හිනා ගියා … මං ගැන දුක හිතිලා මෙයාට.. අනුකම්පා කරන්නාට පෙරලා අනුකම්පාව ලැබේ ලු… හිහ්..
” ඉතින් මට කියන්නේ.. ඔයත් ගෙදර ගියානම් හොදයිනේ… තනියම ඇවිදින්නේ.”
ඒ ඇස් දෙක හිනාවුනා ලැජ්ජාවෙන් ගොඩක් ලැජ්ජාවෙන්… ඒත් ඒ ඇස් ඇතුලේ පුදුමාකාර ලෙංගතු කමක් මං
දැක්කා… ඒ බැල්ම මට තාම්ත මතකයි… එයා මොකුත් කිව්වේ නෑ… ආපහු හැරිලා යන්න ගියා.. ඒනිම
උපාසක හිතක සිල් බිදෙන තාලෙකට… මට හිතුනා මේකිට ආදරේ කරලා බලන්න.. ඕනේ නෑ එක්කෝ..
මේකි මට හිනාවෙයි…
හරි දැන් ඉතින් දානපතියා වගේ දුන්නනේ.. කාසියක් හොයාගෙන්නේ කොහොමද…?? මල මංගල්ලේ..
දැන් කාසිත් නෑ.. මැරෙන්නත් බෑ.. අනික් අනිද්දා කිලාස් ර්කට දෙනනත් සල්ලි නෑ.. උඹ බම්බු ගහ ගනින්..
සල්ලිත් නෑ.. මරන්න විදිහකුත් නෑ.. මැරෙන්නත් බෑ.. අනේ මන් දන්නෑ.. මොනා කරන්නද හිතාගන්න බෑ
විජයාරාමලංකාරය
සිරිලක් පුරේ අග නගරේ කොලඹ දෙසේ
ජන්ශන් ඒකක් තියනෙවා පට්ටයි අයිසේ
ලස්සන කෑලි දිව රෑ හන්දියේ ගැවසේ
විජයාරාමලංකාරය කියමි මෙසේ
_____________________________________
මම ලොකු බෝ ගහක් හන්දිය මැද්දේ ඇත
කීල්ස් සුපර් එක එහි පැත්තකින් ඇත
ගිහාන් ඒකේ රෑ වෙන තුරැ බියර් ඇත
තව මරු සිරා දේවල් හන්දියේ ඇත
_____________________________________
සිසිවන් උවන ටින්ටඩ් කල කෙහෙරැල්ල
ජැස්මින් පර්ෆියුම් ලිස් ටික් ගෑ දෙතොල
කීල්ස් සුපර් එක තුල් සිටිනා අඟන
ඇසි පිය හෙලන පමනින් නොවෙති දෙවඟන
_____________________________________
පාරෙන් එහා පැත්තේ ඇත තව කඩයක්
අපි එහේ යන්නේ ගහන්න හිතුනම අඩියක්
නවයෙන් පස්සේ වහනා ඒක හරි කෙලියක්
මම නම් යන්නේ නෑ ඕකට වැඩි හරියක්
_____________________________________
ජපුරය කියා කැම්පස් එකකුත් ඇත්තේ
ඒනිසා කැකුලියෝ බෝමයි මේ පැත්තේ
එක එක සයිස් නෙක නෙක පැහැ අය ඇත්තේ
දෙවියනි කිමද මට තව කෙල්ලෙක් නැත්තේ
_____________________________________
කඩයක තියේ එකොලහ වෙනකම් කොත්තු
ඒකේ සිටී අක්කා මගේ හිත ගත්තු
දෙන්නම් හිතෙනවා ඒ අක්කට තොත්තු
මට බය වැඩේ අයියට වේවිද පත්තු
_____________________________________
කොටට පලපු ඒවා ඇඳ කෙල්ලො යතී
තදට හිරට ඇඳපු අයත් බෝම වෙති
අනේ ඉතින් කොල්ලන්ටත් මාර ගතී
බෙල්ලේ අමාරුව හැදුනොත් පුදුම නැතී
_____________________________________
පාර දෙපැත්තේ හැම තැන බත් කඩය
අතරින් පතර ඇති කොමියුනි කේෂන්ය
සැලූන් හතකි ඉන් හතරක් ලේඩිස්ය
හන්දියේ කඩ වලය මාරම බිස්නස්ය
_____________________________________
මැද මාවත තියේසෝරත පෙදස තියේ
රබර් වත්ත තව චුට්ටක් එහා තියේ
තව දුර ගියොත් පිරිවෙන පාරකුත් තියේ
ඔක්කොම පහුවෙලා මගේ බෝඩිමත් තියේ
_____________________________________
ලංකාවට එකයි මේ හන්දිය සොඳුරූ
බෝඩිම් ලෝකයයි හැමතැනකම මිතුරූ
වරක් ඇවිත් බැලුවොත් යාවිද කවුරූ
විජයාරාමලංකාරය මේ මහරූ
…පිටස්තරයා..
Profile picture…
හායි
ආ හලෝ හලෝ
කොහොමද..?
ම්ම්ම්.. ඉන්නවා ඉතිං
හොඳින් නේද..??
හ්ම්
මට පේනවා..
කොහොමද පේන්නේ.. හොඳින් කියලා..
ප්‍රෝ ෆයිල් පික්චර්ස් බැලුවම ඒක ඕනි කෙනෙක්ට තේරනවා අයියා..
ලස්සන ප්‍රෝ ෆයිල් පික් එකක් තියෙන හැම මිනිහෙක්ගෙන ජීවිත ලස්සනයි කියලා හිතන්න ඒපා නංගා… ඒවා ජීවිත වල ප්‍රතිබිම්භ නෙවෙයි..
අනේ මට ඔයා කියන බර වචන තේරන්නේ නෑ අයියේ… ඉස්සර තේරුනෙත් නෑ තාමත් නෑ…
ම්ම්ම්…
මාව මතක් වෙන්නේ එහෙම නෑ..?
වෙනවා සමහරක් වෙලාවට..
මටත්..
ඉතිං..
යන්නම අයියේ… බුදුසරණයි..
ම්ම්ම්.. බුදුසරණයි..
හාෆ් සෙන්චරි
මේ.. උඹේ වයස කීයද..?
විසි එකයි..
එල… තව අවුරුදු 5 විතර තියෙනවා උඹට මස් කන්න
මස් කන්න..??
ඔව්… අහලා නැද්ද බං.. දත් හයිය කාලෙ මස් කාලා දත් හෙලවෙනකොට ගාතයක් අරන් ගෙදරට වෙන්න ඕනි කියලා..
ආ…..
ඔව් දැන් බලපන් මම.. මම දැන් එක්ස් පයර්.. උඹට තව අවුරුදු හතරක් පහක් තියෙනවා.. එතකං සිරා ලව් කරන්න පටන් ගන්න එපා.. පුලුවන් නම් මගේ රෙකොඩ් එක කඩපන්..
රෙකෝඩ් එක..?
ඔව්.. හාෆ් සෙනචරියක් ගහපන්.. මට හතලිස් නවයක් එක්ක විතරයි යාලුවෙන්න
පුලුවන් උනේ
අම්මට හුඩු..
ඔව් බං.. අප මිනිසුන් තනන්නේ අප සමග යාමට නොව අප පසුකර යෑමටය” පුලුවන් නම් ට්‍රයි කරහන් උඹ අර්ධ ශතකේ ගහන්න..
අතිශය මරණීය TOP 10
කාලෙකින් මොනාවත් ලියන්න බැරි උනා සයන්ස් පැත්තට බර කරලා.. ඒ නිසා මම අද පොඩ්ඩක් අමුතු දෙයක් ගැන ලියන්න හිතුවා.. මානව ඉතිහාසයේ මිනිස්සු මරන්න වැඩියෙන් ඇරන් තියෙන සංයෝග/ මූල ද්‍රවය 10 ගැන.. හරි පටන් ගමු
_____________________________________________
10. Hemlock (හැම්ලොක්) – Conium
Scientific name: Conium
Rank: Genus
Higher classification: Apiaceae
උග්‍ර විශ සහිත පෑලෑටියක්.. ග්‍රීසියේ හිරකාරයන්ව මරන්න මේක යූස් කරා කියලත් කියනවා.. හොඳින් වැඩුනු නිරෝගී පුද්ගලයෙක්ව මරණයට පත්කරන්න ග්‍රෑම් 100 විතර තමයි ඕනි.. මරණය ලඟා වෙන්නේ පැරලයිස් වීමට ආසන්න විදිහකින්.. මොලය වැඩ කලත් ශරීරය ප්‍රතිචාර දක්වන්නේ නෑ.. ක්‍රි.පු 399 දී සොක්‍රටීස්ව මරණන යොදා ගත්තෙත් මේකම තමයි
මේකේ තියේන සංයෝග තමයි
pyridine alkaloids coniine (පියරඩීන් ඇල්කලයිඩ් කෝනියන්)
N-methylconiine (එන් මෙතිල්කෝනියන්)
conhydrine (කොන්හෙඩ්රීන්)
pseudoconhydrine ( සූඩෝකොන්හෙඩ්රීන්)
gamma-coniceine or g-coniceïne (ගැමා -කොනිසයින්)
_____________________________________________
09.Aconite(අකොනයිට්)
Scientific name: Aconitum
Rank: Genus
Higher classification: Ranunculaceae
මේක ගන්නේ මන්ක්ස් හුඩ් කියන ශාකයෙන්.. “the queen of poisons”, aconite,wolf’s bane, leopard’s bane, women’s bane, devil’s helmet or blue rocket වගේ නම් ගොඩක් තියෙනවා. මරණය ලඟා වෙන්නේ හුස්ම ගැනීම අපහසු වීම, හෘද ස්පන්දන්ය ඉතාම දැඩි ලෙස අක්‍රමවත් වීම කියන දේවල් නිසා.. මන්ක්ස් හුඩ් ශාකය ස්පර්ශවීමෙන් උනත් මෙ ශරීරගතවෙන්න පුලුවන්.ශරීරයට උරාගැනීමේ වේගය ඉතාම ඉහලයි.. ක්ලෝඩියස් අධිරාජය්යා තමන්ගේ බිරිඳා ඇග්රිපිනා මරන්න යොදා ගත්තේ මිශ්‍ර කරපු හතු පිඟානක්
_____________________________________________
08.Belladonna / Deadly Nightshade (බැලඩෝනා)
මේක නම් පට්ට නමක් ලතින් වලින් Belladonna කියන්නේ ලස්සන ගැහැණියට.. ගැලපෙන්නම දාලා තියෙනවා නම්.. මධය්ය කාලීන යුරෝපයේ මේක රූපලාවන්‍ය කටුයුතු වලට ඇරන් තියෙනවා… බෙලාඩෝනා වලින හදපු අයි ඩ්‍රොප්ස් දැම්මම කාන්තාවන් හිටියට වඩා සිත් ඇදගන්නා සුලු වෙනවා කියල ඒ කාලේ විශ්වාස කරලා තියෙනවා.. දැන් මේක කියවලා ඕවා ට්‍රයි කරලා මලොත් මම නම් නෑ … බොහොමයක් වෙලාවට ඊතල වලට විස පොවන්න මේ බෙලඩෝනා යොදාගෙන තියෙන පසු කාල වලදී.. ඔගස්ටස් අධිරාජ්‍යයාගේ බිරිඳව මැරුවේ බෙලඩෝනා භාවිතා කරලා..
_____________________________________________
07. Dimethylmercury – (CH3)2Hg . (ඩයිමෙතිල්මර්කරි)

පොඩි මාත්රාවලදී නම් හෙමින් මරණය අත්වෙන සංයෝගයක්.. සුලු කියන්නේ 0.1 ප්‍රමානවත් බලපෑමක් ඇතිවෙන්න.. සතිගානකින් හෝ මාස ගානකින් වෙන්න පුලුවන් ඉෆෙක්ට් එකක් එන්නේ..1996 දී එහෙම සිදුවීමත් වාර්තා වෙලා තියෙනවා කියලා ගූගල් දෙයියා කිව්වා..මේක බලපෑම් කරන්නේ ස්නායුපද්ධතියට.. (neurotoxins). මාත්‍රාව වැඩි වෙන තරමට මරණය ඉක්මන්
” 1996, a chemistry professor at Dartmouth College,Karen Wetterhahn spilled a drop or two of the poison on her gloved hand – dimethylmercury went through the latex glove, symptoms appeared four months later and ten months later, she died.”
_____________________________________________
06.Tetrodotoxin – C11H17N3O8 (ටෙරාඩෝටොක්සින්)
මේ සංයෝගය blue-ringed octopus , puffer fish කියන මුහුදු ජීවීන්ගෙන හොයාගන්න පුලුවන්.
blue-ringed octopus කෙනෙක්ට මිනිත්තුවක් ඇතුලත් වැඩුනු මිනිහෙක්ව මරණයට පත කරන්න පුලුවන්.. මරණය කෙසේ වෙතත් blue-ringed octopusගේ හපාකෑම නම් වේදනා රහිතයි.. එ නිසා විෂ ශරීර ගත වුන පුද්ගලයා දන්නේ නෑ පැරලයිස් වෙනකම්ම තමන් ගේ සපාකෑමකට ලක්වුනා කියලා..
_____________________________________________
05.Polonium
පොලෝනියම් ගැන නම් නොදන්න කෙනෙක් නෑනේ.. විකිරණශීලී මූල ද්‍රව්‍යක්.. ක්ශනික මරණයක් අත්වෙන්නේ නෑ.. මාස ගානක් ගතවෙන්න පුලුවන්.. ස්කන්ධය අනුව සලකව්වොත් පොලොනියම් සයනයිඩ් වගේ 250,000 වතාවක් විශ සහිතයි.. පොලෝනියම් ග්‍රෑම් එකකට මාසයක් ඈතුලත් දහස්ගානක් මරන්න පුලුවන්.රුසියන් ඔත්තුකාරයෙක් ලෙසට හිටපු ඇලෙක්සැනඩර් ලිටිවැන්කෝ මැරුනේ පොලොනියම් ශරීරගත්වීම නිසා.. lethal dose (0.089 micrograms) එකට වඩා 200 ගුනයක් පමණ පොලෝනියම් ශරීර ගත වීමෙන් තමයි ඔහු මරණයට පත්වුනේ.. ඒකටත් සති 3ක් ගතවුනා .
_____________________________________________
04.රසදිය- Hg (Mercury)
ආකාර 3ක් තියෙනවා ඉතාම අනතුරුදායක.. සංශුද්ධ රසදිය අර උෂ්ණත්වමාන වල තියන එක. අකාබනික ආකාරය බැටරි වල තියෙන එක. කාබනික ආකාරය ටූනා මාලුනගේ අඩංගු වන ආකාරය.. ආශ්වාස කිරීම තමා දරුනුම ඉෆෙකට් එක දෙන්නේ.. ස්පර්ශකිරීම මරනීය නෑ.. මේකෙනුත් මරනය අත්වෙන්නේ ක්‍රමිකව.. මොසාට්ව මියගිගේ රසදිය දිර්ඝ කාලයක් තිස්සේ ශරීර ගතවීම නිසා
_____________________________________________
03.සයනයිඩ් CN- (Cyanide)
සයනයිඩ්.. ඉතාම ප්‍රසිද්ද විෂක්.. බොහෝවිත් ඔත්තුකාරයන් යොදාගන්නවා විරුද්ධ පාර්ශවයට අහුවුනොත් සියදිවි නසා ගන්න.. මේක බහුලව හමුවෙන සංයෝගයක්..ඇපල් ඇට, දුම්කොල වගේ ගොඩක් දේවල් වල මේක අඩංගුයි.. මිලිග්‍රෑම් 1.5 වඩා ශරීරගතවීම මරණීයයි.. මරණයට විනාඩි 1 -15 අතර කාලයක් ගතවෙන්න පුලුවන්.. ඒකට මාත්‍රාව බලපානවා.. නාසි හමුදාව යුදෙව්වන්ව මරන්න යොදාගත්තේ හයිඩ්රජන් සයනයිඩ් කියන වායුමය සංයෝගය
_____________________________________________
02.Botulinum Toxin
මේක ප්‍රෝටීනයක්.. ශර්ලොක් හෝම්ස් බැලුව නම් මේක අහලා bacterium Clostridium botulinumකියන බැක්ටීරියාව තමයි නිශ්පාදනය කරන්නේ.. ඇතිමිනිහෙක්ව මරන්න නම් ඔහුගේ බර අනුව කිලෝග්‍රෑමයට නෑනෝ ග්‍රෑම් 2ක් ප්‍රමානවත්.. මස්පිඩු අක්‍රියවීම අංශභාගය තුලින මරණය අතවෙනවා
_____________________________________________
01. ආසනික්. (Arsenic)
ආසනික් “The King of Poisons”..මේක ලෝහයක්.. ජලය ආහාර වගේ ඕනම දෙයක් ඔස්සේ ශරීරගතවෙන්න පුලුවන්.. නිහඬ මාරයෙක්.. නැපොලියන් බොනපාට්, තුන් වෙනි ජෝර්ජ් මියගියේ ආසනික් විෂ වීමෙන්
අයියෝ සල්ලි
ජීවිතේ කියන්නේ එනජින් එකක්.. නිකමට හිතමුකෝ මේක බයිසිකල් එන්ජිමක් කියලා.. කොහොම හරි මේ බයිසිකලේ දුවන්න පෙට්‍රල් ඕනි.. ඒ වගේ තමයි ජීවිතේටත් ජීවිතේටත් මොකක් හරි ඉන්දනයක් ඕනී… මට දැනෙන හැටියට නම් ජීවීතේ ඉන්ධනය තමයි සල්ලි..
දැන් ඉතින් කට්ටිය කියාවී ඒක එහෙම නෙවෙයි කියලා.. එහෙමනම් මට කියන්න තියෙන්නේ ජීවිතේ ඉන්ධනය විදිහට වෙන හොඳ ගැලපෙන මොනා හරි කියන්න කියලා… සල්ලි කියන්නේ ජීවිතේ නෙවෙයි වගේ පෙට්‍රල් කියන්නේ එන්ජිම නෙවෙයි..
හැබැයි පෙට්‍රල් නැතුව එන්ජිමකින් වැඩක් නෑ.. සමහර එන්ජින් ලීටරේට කිලෝමීටර් 80 විතර දුවනවා.. සමහර එන්ජින් නම් කිලෝමීටර් 10 -15 තමා.. ඒක ඉතින් තමන්ට තියන විදිහට තමා..
වැඩියෙන් පෙට්‍රල් තියෙනම් ඕනි දිහාවක යන්න පුලුවන් එන්ජිම මොකක් උනත්.. එහෙම නැත්තම් ඉතින් පොඩ්ඩක් හන්දියට ගිහින් එන්න පුලුවන් තමන්ට තියෙන විදිහට..
පෙට්‍රල් නැතුව එන්ජිමක පවතින්න බැරිද..? අපෝ පුලුවන් හැබැයි එන්ජිම් ස්ටාට් වෙන්නේ නෑ.. ඔන්න පලවෙනි වතාවට පෙට්‍රල් නැතිඋනා කියමූ.. පහුවෙනිදා කික් කලොත් ජිකි ජිකි ගාලා ටෝන් එකක් ඇවිත් යන්තමට ස්ටාර්ට් වෙලා නතරවෙයි..
ඔහොම් සති දෙකක් විතර තිබ්බා කියමුකෝ.. ඔන්න එතකොට නම් ස්ටාර්ට වෙන්නේ නෑ.. ඕනිනම් පීක් පීක් කියලා හෝන් එක ගහන්න පුලුවන්.. මාස දෙකක් විතර තිබ්බ ගමන් එනජින දිරන්නත් පටන් ගන්නවා.. අවුරුද්දක් විතර තිබ්බට පස්සේ එක තවදුරටක් එන්ජිනක් නෙවේ…
ඕකයි ඇත්ත.. මේ කාලේ ජීවිතේ සියල්ල ඩිපෙනඩ් වෙන්නේ සල්ලි මත.. සල්ලි නැතුව කර්න්න පුලුවන් එකම එක දෙයක් කියන්න බලන්න… කිසිම දෙයක් නෑ.. ජීවත් වෙනවා කියලා දැනෙන්න ජීවත් වෙන්න නම් සල්ලි ඕනිමයි.. සල්ලි කියන්නේ වටිනාකමේ මිනුම් ඒකකය.. හැබැයි පෙට්‍රල් කියන්නේ එන්ජිම නෙවෙයි