නැවතුමක ඇමතුම…


__________________________________

සිහිනයක කටහඩ 6 වෙනි කොටස

___________________________________

මේ කොටස මෙලෝ රහක් නැති විම සම්බන්දයෙන් මගේ බලවත් කනගාටුව.. ඉතුරු කොටස් වලට මේක මුල් කොටස් ගැට ගහන්න වෙන විදිහක් තිබුනේ නෑ..

එයා ගිහින්, නෙතු… දැන් එයා ගිහින් දවස් දෙකක්.. මම එයාව නවත්ත ගත්තේ නැත්තේ ඇයි…? මම දන්නෑ.. මට ඒක කරන්න පුලවන් කම තිබුනනේ..  මම සමනලීට ආදරේ නෑ කියලා කිව්වනම් එයා නවතිවනා..  සමහර විට මම පහුවෙලා හරි එයාට ආයෙමත්  එන්න කයලා කතා කරයි කියලා  එයා උනත් බලාපොරොත්තු වෙන්න ඇති ඒත් ඉතිං මම ඒක කලේ නෑ.. අඩු තරමින් මම එයාට යන්න එලා කියලවත් කිව්වේ නෑ.. මොකද මම හිතුවේ එකම දෙයයි.. නෙතූ මගේ අතිතය.. සමනලී මගේ වර්තමානය.. අනාගතයත් එයාම වෙයි… මම ඒක කියාගන්න බැරි තරම් විශ්වාස කලා…

මම හිටියේ මගේ අතිතය වර්තමාන එකතු කරලා අනාගතය ගැන මනෝ සිතුවමක් අඳිමින්.. ඔය අතරේ තමයි මගේ ජංගමේ කම්පනය වෙන්න පටන් ගත්තේ..

”Mokada MC ekak wath naththe apiwa amataka welada dan”

ඕ… සමනලී.. මම මගේ හින වල  එයාව හිරකරන්  හිටයට එයාට මැසේජ් එකක්වත් මේ දවද් දෙකේම දැම්මේ නෑ නේද..? දවස් දෙකක් ඒක සෑහෙන තරම් කාලයක්  අපි මැසේජ් කරගන්න විදිහත් එක්ක බැලුවම..

මම රිප්ලයි කලා…

” mama oyata cl karannada..?”

” dna epa thawa tiakak ra wela”

හ්ම්.. තව ටිකක් රෑ වෙලා.. දැන් වෙලාව අටට විතර ඇති කව ටිකක් රඍ වෙලා ඒ කියන්නේ දහයට විතර වෙන් ඇති… බලමුකො දහයට විතර..

අට

අටයි එක

අටයි දෙක

අටයි කාල

අය හමාර

නවය

නවයයි හතලිස් පහ

දහය….

අවසානයේ ( අවසානයේ නෙවෙයි ඇත්තටම) මම බලන් හිටපු වෙලාව ආවා, දැන් දහයයි…

ඇත්තටම මේක එක්තරා ආකාරයක විහිලුවක් වගේ.. මට ආදරේ කරපු කෙල්ල මාව දාලා ගිහින් තාමත් පැය හතලිස් අටක් විතර්.. හරි නම් මම අඬන්න ඹ්නි.. එයාට කෝල් කරන්න මැසේජ් කරන්න ඕනි.. දුක්වෙන්න ඕනි.. එත් මම ඒ හැම එකක් පැත්තක තියලා වෙන කෙල්ලෙක් ගැන හීන දකිනවා.. ඒ කියන්නේ මම නෙතුට ආදරේ කරලා නැද්ද..? ඇත්තටම එහෙම හිතනව නම් කමක් නෑ.. එක් මම ආදරේ කලා එයාට.. අවංකවම.. ආදරේ කරා කියලා අතැරලා ගියාම අඬන්න ඕනි නැනේ…

හරි හරි.. ඒවගෙන් වැඩක් නෑ…. මම එයාට කතා කරන්න ඕනි දැන්…
කතා කරලා මේ හැමදේම අකුරකු නෑර කියලා දානවා..

“හෙලෝ………”

“ආ.. අලෝ අලෝ…”

“ඔයා නිදාගෙනද හිටියේ…”

“නෑ.. මේ නිදාගන්න හැදුවා විතරයි.. මට ඔයා කෝල් කරනවා කිව්ව නිසා  වෙනදට වඩා චුට්ටක් වෙලා හිටියා”

“හ්ම්… ඉතිං ඔයාට කොහොමද..?”

“ම්ම්.. හොඳත් නෑ නරකත් නෑ.. වෙනදා වගේමයි.. මේ ඒක නෙවේ.. ඇයි දැන් අපිව මතක් වෙන්නැත්තේ..”

“අනේ…. දවස් දෙකයිනේ ඉතිං..”

“දවස් දෙකයිනේ තමයි.. කෙල්ලෙක් සෙට් වුනා කියලා පරණ යාලුවෝ අමතක කරනවද ආ…?”

“හ්ම්…. මම දෙයක් කියන්නද ඔයාට…”

“ම්ම්… කියන්න ඉතිං.. අහා අහා ඉන්න ඕනි නෑනේ ඒකට..”

“නෙතු………. මාව දාලා ගියා…….”

“මොකක්….? නෙතු ඔයාව දාලා ගියා…”

“ඒත් ඇයි….? ඔයාව දාලා යන්න තරම් නරක හෙුතුවක් ඔයා එයාට හදලා දුන්නද..?”

“නෑ.. හදලා දුන්නා නෙවේ ඒක ඉස්සර ඉඳන්ම තිබුනා.. ඒත් අන්තිමේ එක දරාගන්න බැරුව එයා ගියා…”

“ඉතිං ඔයා ආයෙමත් කාතා කරලා බලන්න..”

“වැඩක් නෑ.. එයා එන්නෑ ආයෙමත්”

“ඇයි එහෙම කියන්නේ…”

“එයා  ගිය හේතුව තාමත් තියෙන නිසා…”

“ඉතිං මොකක්ද ඔය තරම් නරක හේතුව…”

“ඔයා…”

“මේ මම..”

“ඉතිං මම මොකුත් කලේ නෑනේ…”

“ඇත්ත ඒ වුනාට මම කලානේ…”

“මොනාද….?”

“මම ඔයාට ආදරේ කලා….. තාමත් කරනවා..”

“මේක විහිලු කරන වෙලාවක් නෙවේ කොල්ලෝ.. ඇත්ත කියන්න.. ඇයි එයා ගියේ..”

“එයා ගිාය් මම එයාට ආදරේ නිසා………..”

“බොරු…..”

“නැ ඇත්ත.. මම නෙතු එන්නත් ගොඩක් කාලෙකට කලින් ඉඳන් ඔයාට ආදරේ කලේ.”

“ඒත් ඔයා නෙතුට ඊට පස්සේ ආදරේ කලානේ…”

“හ්ම් කලා…. ඔයාටත් ඒ විදිහටම ආදරේ කලා…”

“ඒ කිව්වේ ඔයා මටයි නෙතුටයි දෙන්නටම….”

“හ්ම්…….. ඒත් දැන් මට ඉන්නේ ඔයා විතරයි.. මේක හරියටම හරි වෙලාව නෙවෙන්න පුලවන්…. ඒත් මම ඔයාට ආදරෙයි……..”

“අනේ……. ඇයි මෙහෙම කරන්නේ… නෙතූ පව්..”

“නෙතු පව්… මම දන්නවා.. ඒත් එයා ඇවිත් බලෙන්ම වගේ මගේ ලඟ නැවතුනා.. මම එයාට ආදරේ කර කර ඉද්දිම..”

“ඔයා ඔය ඇත්තමද කියන්නේ….”

“ඔව් ඇත්ත”

“ඒත්………………..”

“ඇයි ඒත්…..”

“මම මෙහෙම දෙයක් ඔයාගෙන් බලාපොරොත්තු උනේ නෑ”

“මමත් මේක මේ විදිහට ඔයාට කියන්න බලාපොරොත්තු උනේ නෑ කෙල්ලේ.. ඒත් මට කියන්න උනා… මම එයාට ආදරෙයි.. එයා මට ආදරේද…?”

“මම දන්නෑ..  මේක මම කොහොමටවත්  ‍නොහිතපු දෙයක්…”

“මම දන්නවා… ඒත් මට උත්තරයක් දෙන්න…”

“ම්ම්ම්… මට හිතන්න ඕනි… මීට කලින් කවදාවත්මම මම මේ ගැන හිතලා නෑ”

“ම්ම්……. කමක් නෑ ඔයා හිතලා මට හොඳ උත්තරයක් දෙන්න.. ඔයා තමයි මාව තේරුම ගත්ත එකම එක්කෙනා ඒ නිසා ඔයා මේකත් තේරුම ගනීවි කියලා මං හිතනවා..”

“ම්ම්.. මම දන්නෑ.. මේක ගැන මොනා කියන්නද කියලා.. මට තාමත් හිතාගන්න බෑ”

“කමක් නෑ.. මට පස්සේ කියන්න”

“හ්ම්………..”

“ඇයි හ්ම්ම්ම්……….”

“මට මොකුත් හිතා ගන්න බෑ තාමත්..”

“හරි ඉතිං ඔය තරම් අවුල් වෙන්න දෙයක් මම කිව්වේ ‍නෑනේ”

“අවුල් නෙවෙයි කොහොමටවත් මම මේක හිතුවේ උනේ නෑ”

“කමක් නෑ දැන් හිතන්න… හෙට එයා එනවනේද..? එතකොට මට උත්තරක් දෙන්න”

“හ්ම්….. බලමු….. මට නිදි මතයි…”

“හරි එහෙනම් නිදා ගන්න.. ගුඩ් නයිට් කෙල්ලේ….”

“ගුඩ් නයිට්…..”

එයා  එහෙම කියලා ෆෝන් එක කට් කලා.. හෙට එයා මොනා කියයිද..? ලොකු විශ්වාසයක් මට තිබුනත් එයා බෑ කියයිදෝ කියලා පොඩි බයකුත් නැතිවුනාම නෙවෙයි.. ‍ඒත හෙට නරක දවසක් වෙන එකක් නෑ.. මම ආයෙමත් මගේ පරණ සුපුරුදූ හිනේ එක්ක නිදාගන්න ගියා……….

* * * * * * * * * * * * * * * * * * * * * * * * *

එදා දවසු පුරාවටම මං සමනලී එක්ක කතා කරන්න ට්‍රයි කලා ඒත් මොකක්දෝ හේතුවක් නිසා එයා ආවේ නෑ මාත් එක්ක කතා කරන්න. ඇයි මම දන්නෑ.. වෙනදට නම් හැමදාමත් උදේ ඉඳන් මාත් එක්කමයි.. අද වෙනස් වෙලා.. එයාට ලැජ්ලා හිතිලා වෙන්න ඇති.. මම බලාපොරොත්තු වුන උත්තරේ තියා වෙන එක වචනයක් වත් එයා කියුවේ නෑ. මම මුන ගැහෙන හැම වෙලෙකම එයා මඟඅරින බව මට දවල් වෙන කොට තේරුන.. ඒ කියන්නේ මෙයා මට කැමති නෑ කියන එකද..? අනේ මන්ද…

කොහොමින් හරි මට එයාව තනි කර ගන්න පුලුවන් උනා එක මොහොතකට…

“ සමනලී… ඇයි මේ .. මාව  මඟ අරින්නේ…”

“නෑ… එහෙම එකක් නෑ…”

“නැත්තේ මොකද.. මට උදේ ඉඳන් කි පාරක් ඕයාට කතා කරන්න හැදුවද.. එත් එයා යනවා හැම පාරම”

“හ්ම්.. මට තාමත් ඔයාට දෙන්න උත්තරක් නෑ….”

“ම්ම්.. උත්තරයක් නැතු වුනාට කමක් නෑ.. ඔයා ඕනි තරම් හිතන්න… ඒත් මෙහෙම කතා නොකර ඉන්න ඒපා හරිද..? මතකනේ මට දැන් ඉන්න එකම කෙනා ඔයා විතරයි..”

“ම්ම්… නෑ මම ඇත්තම කියන්නම්….”

“මොකක් ගැනද…?”

“ඔයා අහපු දේට….. මට ඔයා ගැන එහෙම දෙයක් හිතන්න බෑ කොල්ලෝ.. මම ඔයාව දන්නවා.. එයා නරක කෙනෙක් නෙවයි.. ඒත් ඔයා,  ඔයා මම හොයල්‍පු කෙනා උනා නම් මම මෙච්චර කල් මෙහෙම බලන් ඉන්නේ නෑ..”

එතනින් පස්සේ වුන දේ කියන්න ඕනිද…?

මම ඇත්තටම පුදුම වුනා.. මම කොහොමටවත් නොහිතපු දෙයක්… ලෝකෙම නැතිවුනා.. මම එයාගෙන් ඒ ආදරේ ඒ මොහොතේ යැද්දා.. ගෙදර ඇවිල්ල ෆෝන් එකෙන් යැද්දා.. එස් එම් එස් කලා.. තවත් ගොඩක් වතාවත් එයාව හම්බවෙලා කතා කලා කිසිම වෙනසක් වුනේ නෑ.. එයා ගේ උත්තරේ නෑ නෑ නෑ මතයි දිගටම……….. අන්තිමේ අපි දෙන්නගේ යාලුකම පවා නැති වුනා..ඒත් මම පස්සෙන් යන එක නැවැත්තුවේ නෑ…

තවත් කියන්න ඕනිද..?

අන්තිමේ එක්තරා දවසක එයා මට මැසේජ් එකක් දැම්මා…

Math thawath karadara karanna epa. Mata dam BF kenek innaw….
මගේ බලාපොරොත්තු ඒ ‍ මොහොත් නැත්තටම නැති වුනා.. මම ආයෙමත් එයාට කතා කරන්න හැදුවා.. ඒත් ෆෝන් එක වැඩ කලේ නෑ.. දවස් ගානක් ට්‍රයි කලා ඒත් එයා නම්බර් එක වෙනස් කරලා තිබුනා…

ඒ කියන්නේ එයා මාව එයාගේ ලෝකෙන් පන්නලා දාලා ඉවරයි…. හ්ම්…

නෙතු…  මම ඔයාව අතෑරියේ මේ වගේ දෙයක් වෙනුවෙන්ද…?

7 thoughts on “නැවතුමක ඇමතුම…

ප්‍රතිචාරයක් ලබාදෙන්න