නිදහස් බයිලා – නන්දා මාලනී


සින්දුව ගන්න  මෙතෙන  CLICK  කරන්න

මාස්ටර් බයිලා අපි ගෙතු රස කරලා
ඇහිද ගනිල්ලා මේවා නිදහල් බයිලා
කතරට සහරා ගලන ලෙස රස දහරා
එලි සම නොමරා ගයමු නිදහස සමරා

නිදහස ලැබුනා මල්ලි නිදහද ලැබුනා..
තලු මරන්නට මිහිරි අකුරු හතරක් ලැබුනා
ගීයක් ලැබුනා ජාතික කොඩියක් ලැබුනා
එලිවෙනකොට නිදහස අහසින් ගෙට වැටුනා

කොඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ…
ලණුව සුද්දගේ උනත් කොඩි ගහ අපගේ
නෑ බැට කෑවේ නේරු පාටෙල් වාගේ
නෑ දිවි දුන්නේ මහත්මා ගාන්ධි වාගේ

ලේ හැලුනේ නෑ සුද්දා තරහා වුනේ නෑ
යන්ට ගියෙත් නෑ නොගිහින් හිටියෙත් නෑ
අදත් බොමු ඒ නිදහස් පානේ සුමිහිරි
තවත් සුමිහිරි  අද ඒ පානේ සුමිහිරි…

සිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස
බනින්ට නිදහස ඇති රට මේ උත්තම රට
බයිලා කියා පුද දෙමු අප ස්වෛරී සිරි ලක
නිවන් දකිත්වා අපගේ ජන නායක කැළ

– සුනිල් ආරියරත්න –

2 thoughts on “නිදහස් බයිලා – නන්දා මාලනී

  1. සහතික ඇත්ත පිටස්තරයා මලේ. “අපිම දන්නෙ නෑ මේ නැව අපිත් එක්ක ගිලෙනකල්” කිව්වළු.
    ආරියරත්න මහාචාර්යතුමාත් වෙලාවකට පොඩ්ඩක් මඤ්ඤං ලිව්වට මේකෙ නම් ලස්සනට ඇත්ත කියලා තියෙනවා. 😀

ප්‍රතිචාරයක් ලබාදෙන්න