එදා රෑ….(Hybrid Sweetheart 2)



මේක ෆැන්ටසි කතාවක්… ඇත්තම දේවල් උනත් එ විදිහට දාන්න බෑනේ.. ඒ නිසා ෆැන්ටසි කෑලි ගානට කිරලා ඇඩ් කලා.. ඒ නිසා මේ කතාව යථාර්තයට ගලපන්න නම් හදන්න එපා

___________
_________________________________________________

 සිහිනයක කටහඩ තුන්වෙනි කොටස

___________________________________________

රාත්‍රිය උදා වුනා..  බොහොම හෙමින්.. නින්ද නම් එන්න එපා මම එහෙම ප්‍රාර්ථනා කලා … වෙලාව 10.30 ට විතර ඇති…මම බලන් ඉන්නේ එයා එනකම්…. කෝ මේ Hybrid එක…. මම නයිට් ඩියුටි ගැන කියපු දේ ඔයාට තේරිලා නැද්ද දන්නෑ.. මට ඒක පැහැදිලි කරලා  කියන්න උනේ නෑනේ… ඒ නිසා ඉතින් ෂුවර් කරන්න අමාරුයි… එයා කොහොමත් ටියුබ් ලයිට්නේ.. එයාට ඒක කේරිලාද කියලා දැන ගන්න මට තව වෙලා බලන් ඉන්න වෙයි

පුංචියට වැස්සකුත් වැටෙන්න පටන් ඇරන්..

මම ඉතින් තාම මග බලන්..

.

.

.

.

.

.

.

.

.

.

පටන් ගත්ත පොද වැස්සත් ටික ටික වැඩි වෙන්න පටන් ඇරන්..

මම තාමත් මග බලන්..

තප්පර කටුව සුපුරුදු විදිහටම සංසාරේ මනිමින් හිටියා.. එකොලහයි… ම්..  මං හිතන්නේ මෙයාට මං කියපු එක තේරිලා නෑ.. ඒත් ඉතිං මට නිදාගන්න යන්න හිතකුත් නෑ. මොකක්ද මන්දා හේතුවක් නිසා මං එයාව බලාපොරොත්තු උනා.. අපරාදේ අද රෑ ඇත්තටම හෙන රොමැන්ටික් .. වැස්ස, සීතල, මීදුම, කලුවර හැම එකක්ම හරි.. ඒත් එයා නෑනේ ඉතිං තාමත්… මේසේ කොනක හිටගෙන හිටපු Table Lamp  එකේ එලියෙන් මම වෙලාව බැපුවා… 11.13යි… ම්.. අද නම් මෙයා එන්නේ නෑ.. මම නිදාගන්නවා.. එයාට මං කියපු එක තේරිලා නෑ..

නෙතු මාව හොයන් ආවේ නැති උනාට නිදි දෙව්දුව ආවා මාව හොයාගෙන.. මගේ ඇදටම.. ඇවිත් මට තුරුල් උනා…. මගේ ‍තොල් දෙක ඉම්බා.. මගේ පපුවට කන තියාගෙන මගේ හදවත ගැහෙන හැටි අහන් හිටියා… එයාට විතරයි තාම ඒක තේරුම් ගන්න පුලුවන් උනේ.. ඇත්තටම එයා විතරයි ඇත්තටම මට ආදරේ.. ඒ නිසා මමත් එයාට ආදරෙයි ගොඩා……..ක්.. ඇත්තමයි

මම නිදිදෙව්දුව මගේම කරන් ඉන්න මොහොතක අපි දෙන්නගේ සොදුරු මධු සමය කඩා බිද දාලා අපිව වෙන් කරන්න නපුරු බලවේගයක් මැදිහත් වුනා..“ආදරේට කොහෙදෝ බාධා නැත්තේ” සී…..තල, පට්ටම සීතල අතක් මගේ බෙල්ලෙන් අල්ලනවා මට දැනුනා… ම්.. මෝහිනි ඇවිත් මගේ බෙල්ල මිරිකලා මරන්න.. මං ඉවරයි.. මට නිවන් සුව… මතක් කරලා ලස්සන ‍Photo එකක් දාලා බැනර් එක ගහන්න…

“අයියා…..”

ඈ…!!!
අයියා කියන්නේ මොකද..,? මෝහිනී කියන්නේ මටත් වඩා බාල නංගී කෙනෙක්ද එතකොට..

“මට නයිට් ඩියුටි කරමු කියලා ඔයා නිදාගත්තානේ”

හම්මේ.. මම බයවුන තරමක්… මේ නෙතු.. එයාගේ ටියුබ් ලයිට් එක මං දාපු ස්ටාටර් එකට පත්තුවෙලා.. එහෙම හරි පත්තු වුන එක ලොකු දෙයක්…

“නෑ ඉතිං.. මම මග බලන් හිටියා..  ගොඩක් වෙලා… ඒත් ඔයා ආවේ නෑනේ.. එ හින්දා මං නිදාගන්නා.. අනික මං කියලු එක ඔයාට තේරුනාද කියලා මං දන්නෑනේ”

“ඔයාට ඉතිං හැම එකටම කියන්න දේවල් නම් තියෙනවා.. ඒ උනාට මං අහපු එකම එක ප්‍රශ්නෙට තමයි උත්තර නැත්තේ”

දැන් ඉතිං මොනා කියන්නද..?? මොනාම හරි කියන්න වෙනවා.. මම තීරණය කලා මගේ ඇත්ත තත්වය එයා ඉස්සරහා දිගඅරින්න.. මගේ හීනේ.. සමනලී.. මං එයාට ඒක ගැන කිව්වා.. ගොඩක් දිග කතාවක් නෙවෙයිනේ ඒක…

“ඉතිං.. එයා ඔයාට කැමතිද..?”

“කැමති වෙයි..”

“නො… වු… නො… ත්…”

“එහෙම හිතන්නවත් එපා… එයා මාව හොදටම දන්නවා.. ඒ නිසා කැමති වෙයි..”

“අයියා මට කැමතිම නැද්ද චුට්ටක්වත්…”

“පිස්සුද නංගා.. ඔයාට මං කැමතියි.. ඔයා හිතන් ඉන්නවට වඩා.. ඒත මං ඊට වඩා සමනලීට කැමතියි”

“හ්ම.. එහෙනම්… මං තවත් බලන් ඉන්නම් අයියේ… එයාගෙන් ඔයාට උත්තරක් ලැබෙනකම්”

පුංචි සුසුමකින් පටන් ගත්ත එයා බොහොම ඉක්මනටම ඉකිගැහීමක් තරම් දුර ගියා.. එයාගේ ඇස් වෙනදට වඩා දිසිසෙනවා කියල Table Lamp එක මට ඇගිල්ල දික් කරලා පෙන්නුවා.. කදුලු ඇවිත්.. එයා අඩනවා.. අන්න කොල්ලෝ උඹ මේකිව ඇඩෙව්වා…

“නංගා.. ඇයි මේ..”

මම ඇයි කියලා ඇහුවේ බොරුවට.. එයා අඩන්නේ මං වෙන කෙනෙක්ට ආදරේ කිරිම නිසා දැනෙන ආත්මාර්ථකාමී දුකට කියලා මම හොදටම දැනන් හිටියා..

“මං ඔයාට ගොඩක් ආදරෙයි අයියේ.. මට බෑ, මට බෑ ඔයා වෙන කාගෙවත් වෙනවා බලන් ඉන්න”

ඒ වෙලාවෙනම් මටත් මොනාද හිතුනා.. පව්.. දුකක්මත් නෙවෙයි.. අනුකම්පාවද මන්දා.. ආදරෙත් ඒක ඇතුලේ තිබුනා.. හැම එකම ටික ටික වැටුන අච්චාරු හැගිමක්..

“නෙතූ.. කෝ.. මෙහෙ බලන්නකෝ.. මං කිව්වනේ ඔයා හිතන් ඉන්නවට වඩා මං ඔයාට කැමතියි කියලා…………………………………..”

මට එකේ ඉතුරු ටික කියන්න හම්බුනේ නෑ..

“නෑ.. මට එහෙම මදි.. මම ඕනි ඔයාගේ මුලු ලෝකෙම වෙන්න.. එයාට ඉන්න එකම එක්කෙනා වෙන්න.. වෙන කාටවත් කරන්න බැරි තරමට මං ඔයාට ආදරෙයි අයියේ.. ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ..”

හ්ම්.. ආදරේක ආත්මාර්ථකාමිම හැඩය.. මෙයා ගාව තියෙන්නේ ඒක.. එයාට මං විතරක් වෙන්න.. අනේ මන්දා.. එක අතකට පව් මෙයා..

“මට තව එකම එක දවසක්‍ දෙන්න…. මං කියන්නම් ඔයාට මගේ උත්තරේ”

“ඇයි මේතරම් කල් හිටියේ.. තවත් කල් ඕනිද ඔයාට”

“එකම එක දවසයිනේ ඉතිං ඉල්ලව්වේ”

“බෑ… දැන්ම කියන්න මං.. හරියටම.. කෙලින්ම කියන්න මං කැමති නැ.. මං ගැන කිසිම ලෝබ කම්ත් නෑ කියලා.. ඔයා මගේ හැගීම් එක්ක සෙල්ලම් කරනවා විතරයි.. එක පාරම බැ කියලා දාන්න.. ඒක හොදයි ඊට වඩා…”

අයියෝ.. මං කොහොමද මේ මූණ බලාගෙන ඒක කියන්නේ.. ඔව් තියෙනවා.. ලෝබ කමක් තියෙනවා.. ආදරේකුත් තියෙනවා.. ඒත් ඒ හැම එකටම වඩා මට දැනෙන වෙන කෙනෙක් ගැන මට ආදරයක් තියෙනවා..”

“ඇයි අයියේ කතා නැත්තේ.. ඉතිං කියන්න.. මාව චුට්ටක්වත් වටින්නෑ කියලා..”

නෑ.. ඇයි මටම වෙන්නේ.. මට එයාව වටිනවා ගොඩක්..දැන්නම් මොනා හරි කියන්නම වෙනවා

“නෑ නංගා මට ඔයාව වටිනවා.. ගොඩා..ක්”

“මට ආදරේ නැද්ද චුට්ටක්වත්..”

මේකි මාව අල්ලගන්නමයි එන්නේ..

“අනේ නංගා මට එකම එක දවසක් දෙන්න ඔයා අහන ප්‍රශ්නේ සෑහෙන අමාරු එකක්”

“බැහැ.. මට අදම කියන්න.. දැන්මම මගේ හිත නිදහස් කරගන්න ඕනි”

මෙයා දැන් එලි වෙනකල්ම මගේ කාමරේට වෙල‍ ඉදියි… ඒ අස්සේ ගෙදර කවුරු හරි ඇහැරුනොත් හරි බඩුම තමයි.. අනේ මංදා.. එලවන්නද..? කොහොම එලවන්නද අප්පා මේ තරම් ලස්සන කෙල්ලෙක්ව.. මගේ සුපුරුදු නිහැඩියාවෙන් මම එයා දිහා බලන් හිටියා.. එයා ඇත්තටම මාර ලස්සනයි.. එයත් වෙනදා වගේම මං දිහා බලන් හිටියා..ඒ ඇස් වල තිබුනේ මහ අමුතු බැල්මක්.. මම ඒක තේරුම ගන්න උත්සහ කලා…

මට දැනුන තරමින් ඒ ඇස් වලි තිබුනේ… ඇවිත් මාව එයාගේ කරගන්න වගේ ආරාධනාවක්.. අඩ අදුරේ උනත් ඒ ආරාධනාව දිලිසුනා.. ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරන්න බැරි තරම් ප්‍රේමණියයි.. අනේ මන්දා මට ඒ වෙලේ මොනා උනාද කියලා..

මම මටත් නොදැනිම එයාගේ ලගට පාවෙලා ගියා.. ගිහින් එයාගේ අතින් අල්ලලා මගේ ලගට ඇදලා ගත්තා.. ඒ අත් සීතලයි.. මැරිච්ච තාරකාවක් තරම් සීතලයි… එයත් මගේ ලගට ඇදිලා ආවා.. පලුන් රොදක් තරම් සැහැල්ලුවෙන්…එයාගේ ඔලුව මගේ පපුවේ වැදුනා..මං  එයාගේ ඔලුව මගේ පපුවට තද කරන් ඔයාගේ නලලට තොල් දෙක ලං කලා හෙමීට.. ජිවිතේ පලමු  හාදුව… පලවෙනි වතාවට  මම කෙල්ලෙක්ට කිස් එකක් දුන්නේ එදා..  ඒ නලල නම් ගොඩක් උණුහුම්.. මම දන්නැ ඒ හාදුව කොයි තරම් දිග එකක් උනාද කියලා.. මට නම් දැන්ුනේ ඒක තප්පරේකින් දාහෙන් පංගුවක් වගේ……

“අයියේ……”

එයා බයෙන් වගේ කියුවම තමයි මම ආයෙත් පියවි ලෝකෙට ආවේ.. යකෝ.. මොනාද මං මේ කලේ.. ආදරේ නැ කිය කියා ඒ කෙල්ලව ඉම්බා නේද..? මම තොල් දෙක ගත්තා අහකට..

අකුණක් ගහන් වේගෙන්.. මම කලේ වැරැද්දක්ද..?

“සොරි නංගා….”

මං නෙ මොනා කියන්නද..?

“මං අහපු දේට උත්තරේද ඒ දුන්නේ.. මගේ ආදරෙත් එක්ක සෙල්ලමක්ද කරන්නේ,  ඇයි අයියේ  දැන් ඔයා එහෙම කලේ..?”

මං ඒ දුන්න හාද්ද මං කරපු ලොකුම වැරදි වලින් එකක් කියලා මට ඒ මොහොතේ තේරුම් ගියා.. ඇයි යකෝ.. මං ඔයාට කැමති නෑ කියලා තප්පර ගානකට පස්සේ පැනලා එක පාරම ඒ‍ කෙල්ලට කිස් එකක් දෙ එවුන් ඉන්නවද..?

“නංගා… මේක අහන්නකෝ මගේ හොද නංගා වගේ.. මාවත් ටිකක් තේරුම් ගන්න බලන්න.. මට ඔයාව වටිනවා.. එයා ගැන ලොකු ලෝබ කමකුත් තියෙනවා.. ඒත් මං වෙන කෙනෙක්ට ආදරේ කරන්න පටන් ඇරන් ඉවරනම්..  මට හිතන්න දෙන්න ටිකක් මම ඔයාට උත්තරයක් දෙන්නම් හෙට.. ‍”

“එයා හෙටත් කියන්නේ ඕකම තමයි… ඇයි දැන් මට කිස් එකක් දුන්නේ”

“මං දන්නැ.. මට ඒක හිතුනා ඔයා හුගක් ලස්සන නිසා.. සොරි.. ඒක ලොකු වැරැද්දක්…”

“ ඒක වැරද්දක් උනත්  මම කැමතියි ඒ වගේ  වැරැද්දකට.. ඒ මොහොතේ මට ජිවත් වෙන්න පුලුවන්, මැරෙනකල්ම උනත්.. අයියා මට ආදරෙයි නේද…?? කියන්න ඇත්තම”

දැන් ඉතින් මොනා කියන්නද..? මම තීරනය කලා කියන්න….. ටිකක් හයියෙන්..

“නෑ………..”

එයා ඒකට නම් හොදටම බයවෙන්න ඇති.. එයාගේ ඇස් බිමට බර වුනා මොහොතින්.. ආයෙම.ත් අඩන්නයි යන්නේ..

ගල් මූසලයෝ.. උඹම නේද දැන් පැනලා මේකිට ඉම්ඹේ..  එහෙම කරලා මේකිව පිස්සු වට්ටව්වේ…දැන් මොනාද ආයත් මේ කරන්නේ.. පව් නැද්ද මේකි.. මගේ හදවත මට බනින්න ගත්තා.. දන්න හැම වචනෙකින්ම.. ඇත්තටම පව් තමා..

“නංගා… දැන් ගිහින් නිදාගන්කෝ.. අපි හෙට කතා කරමු.”

“දැන් ආයෙත් මොනා කතා කරන්නද අයියේ.. ”

එයා එහෙම කියලා දොර ගාවට ගියා.. ගිහින් ආයෙමත් හැරිලා බැලුවා.. ඒ බැල්ම.. අනේ මට ආදරේ කරන්න කියලා ආයාචනා කලා.. ඒ බැල්මට මගේ හිතේ දොරනම් ඇරුනේ නෑ… ඒත් අනේ මන්දා.. එක මට දැනුනා.. සැරටම..

“ඔයා එනවද හෙට රෑටත් මව හම්බෙන්න..”

ඇයි මං එහෙම ඇහුවේ.. දැන් කිව්වා නේද කැමති නෑ කියලා…

“ආයෙත් ඇවිත් මොකටද..?”

“එන්න.. මට කියන්න තියෙනවා ගොඩක් දේවල්.. එනවද..?”

“නෑ.. ආයෙමත් මම ඔයාව බලන්නවත් එන්නෑ.. මෙච්චර කල් කරදර කලාට සොරි…”

එයා හෙම කියලා කාමරෙන් එලියට ගියා.. පව් යකෝ.. මේකි උඹ වෙනුවෙන් මැරෙනවා.. උඹ වෙන එකක් එනකම් බලන් ඉන්නවා..

ඉඩක් දියන්…

ඉඩක් දීයන්..
එකම එක පාරක් චාන්ස් එකක් දිලා බලපන්..
එකම එක වතාවක්….
එකම එකයි…

එක පාරක්..
චාන්ස එකක් දෙන්නකෝ..
පුංචිම ඉඩක් දීලා බලපන්..
මේකිට ආදරේ කරපන් යකෝ………..

මගේ හදවත කෑ ගහන්න ගත්තා.. මහ හයියෙන්.. මටවත් දරාගන්න බැරි තරමට

තවත් මට පුලුවන් කමක් තිබුනේ නෑ හදවතට කන් නොදී ඉන්න..

ඔව්…මම එයාට ආදරෙයි තමයි.. ඒත මේ දැන් නෑ කියලා.. ආයෙමත් ආදරෙයි කියන්න.. මට පිස්සු… ඒත් මේකි පව්.. මම ඒක එයාට කියන් ඕනි දැන්ම…

මම තීරනේ කලා එයා ලගට ගිහින් ඒක කියන්න……. එත් මට අඩි හතරයි යන්න උනේ.. එයා කාමරේට ගිහින් දොර වහගන්නවා මට ඇහුනා… දැන් ඉතිං ගිහින් දොරට ගහන්නයෑ.. අම්මා ඉන්නවා එයා ඉන්න කාමරේට එහා කාමරේ.. අනිවා ඇහේවි… හෙට උදේට තමයි කරන් දෙයක්… නෑ.. මට ඉවසන් ඉන්න බෑ… දෙවියනේ මේකි කොහොමද මේ තරම් කල් ඉවසන් හිටියේ…ඒත් නෑ හෙට උදේ වෙනකම්ඉන්න වෙනවා….. අලුත් දවසක ආයෙමත් පටන් ගමු..
නෙතූ මං ඔයාට ආදරෙයි….

16 thoughts on “එදා රෑ….(Hybrid Sweetheart 2)

  1. සීතලයි කීවට… ඇය වැම්පයර් කෙනෙක් නෙමෙයි මම හිතන්නේ… කිස් එක දීපු එක ( වෙන කෙනෙක් හිතේ තියාගෙන) අකමැති උණත් තාම ඉතින් පොඩි වයසනේ කියල ෂේප් කරගන්න පුලුවනි….
    කතාව දැනෙනවා… හ්ම්

  2. හරී….. බොළඳයි 😛
    ඒත් ඉතිං බොළඳ දේවල් වලට හිනා වේවි ඉන්න එවුන් බොළඳ උන වෙලාවට බොළඳ වෙන තරම දැක්කම ආදරේ කියන්නේ බොළඳකමක් විතරද හිතෙනවා වෙලාවකට. ලියාගෙන යමුකෝ හීන ලෝකේ ලස්සන උනත් ජිවත් වෙන්න වෙන්නේ සැබෑ ලෝකේ නේ 😦

    1. ෆැන්ටසියක් කියන්නේ අපි කැමති නැති දේවල් අයින් කරලා කැමති දෙවල් වතරක් තියෙන විදිහට අපි හදාගත්ත දේනේ… නිකම්ම මල් කතාවකට වඩා දෙයක් කරන්න මම ට්‍රයි කරනවා.. බලමු තව ඉස්සරහ යනකොට

අසංක හෙන්දහේවා වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න